IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නන්දලාල්ට දිගටම මහ බැංකුව

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයේ දිගටම තබාගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(20) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරයේ දිගටම තියාගන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

මේ අතර, අගමැතිවරයාත් ඇමතිවරුනුත් ආණ්ඩු පක්ෂ රැස්වීමේ දිගටම රැඳී නොසිටීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළකර ඇතැයිද වාර්තා වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගි වී සිට ටික වෙලාවකින් පිටව ගොස් ඇති අතර, එම රැස්වීමට කැබිනට් ඇමතිවරුන් ද සහභාගි වී ඇත්තේ කිහිප දෙනකු පමණක් බව ද දැනගන්නට ඇත.

කැබිනට් ඇමතිවරුන් ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගි වී ඇත්තේ අඩුවෙන් බව සඳහන් කරමින් මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ විරෝධය පළ කර ඇත.

මේ අතර ,පොදුජන පෙරමුණේ අගමැතිවරයකු පත්කරන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහිදී ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.

 



අදහස් (5)

නන්දලාල්ට දිගටම මහ බැංකුව

mahel Tuesday, 21 June 2022 12:23 PM

අපොයි ආයේ නම් පොහොට්ටුවේ අගමැතිලා එපා. ඔය ඉන්න මනුස්සයාට මේක ටිකක් බේරාගන්නා තෙක් ඉන්න දෙන්න. ඒ හොඳටම ඇති...!

:       4       18

ගලපර Tuesday, 21 June 2022 08:26 PM

රට බංකොලොත් කිරීමට වගකිවයුතු එක්කෙනෙක් තමයි රනිල්. මෙයත්... 6 වතාවක් රටේ අගමැති වෙලා හිටියා. ඒ කරපු දේවල්වල ප්‍රතිඵල තමයි මේ වෙලා තියෙන්නේ... යහපාලන ආණ්ඩුව විනාශ කරලා හොරුන් බලයට ගෙනාවා. ලංකාවේ බිහිවෙච්චි කැතම දේශපාලනඥයෙක්...!

:       6       12

ranjith Tuesday, 21 June 2022 01:05 PM

225 ම නැතිව මේ වගේ දක්ෂ නිලධාරීන් හිටියා නම් රට ගොඩගනීවි.

:       7       29

chandima Tuesday, 21 June 2022 08:58 PM

ඔය කිව්වට ව්‍යවස්ථා සංශෝධනයෙන් බලේ ගත්තට පස්සේ සිංගප්පූරුවෙන් කෙනෙක් ගෙනෙයි...

:       2       11

asoka Thursday, 23 June 2022 01:10 PM

නිදහසේ හිටපු කෙනෙකුව ගෙන්වලා මහබැංකුව බාරගන්න කියලා බැගෑපත්වෙලා බාරගත්තාට පස්සේ යවන්න ලෑස්තිවෙන්නේ ඕන විදිහට නටන්නැති හින්දද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site