IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


’නොනිදන’ පාස්පෝට් නිකුතුව අද ඇරඹේ

(යොහාන් භාසුර)

ආගමන විගණන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අද (19) සිට පැය 24 පුරා විවෘතව තබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

රාත්‍රී කාලයේ ජනතාවගේ පහසුව සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වෙත විශේෂ බස් සේවාවක්ද සූදානම් කර තිබෙන බව විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (10)

’නොනිදන’ පාස්පෝට් නිකුතුව අද ඇරඹේ

Ura Wednesday, 19 February 2025 10:16 AM

හොඳයි akd හොඳින් කළා npp. මේවා කවදාවත් අසා ඇති කතා නොවේ

:       2       37

fairoos Wednesday, 19 February 2025 11:30 AM

එච්චර ඔනෑ නැහැ, ඔය පෝලිම නැති කරොත් ඇති

:       4       16

don Wednesday, 19 February 2025 12:46 PM

ඔබතුමන්ලා කොච්චර කැප වුණත් වැඩක් නැහැ. ඕකෙ නිලධාරීන් වැඩකරන්නේ ඉස්සර වගේම තමයි.

:       4       11

sithumi Wednesday, 19 February 2025 02:26 PM

අපි නම් පෝලිමේ මාර දුකක් වින්දා. අනේ ඉතින් මිනිස්සු පුදුම කට්ටක් කන්නේ. කියන විදිහට කරනවා නම් හොඳයි.

:       0       10

de silva Wednesday, 19 February 2025 03:46 PM

මේක තනිකරම ටිරාන් අලස් සහ නිලධාරියෝ එකතුවෙලා කොමිස් , පගාව ගන්න හදපු ප්‍රශ්නයක්, හිස් පාස්පෝර්ට් තොග ලක්ෂ 2-3 අනිවාර්යයෙන් ගබඩාවල තිබෙනවා. ඇනවුම් කළ ලක්ෂ 10ක පමණ තොගයක් ඉදිරි මාස 2 තුළ ලැබෙනවා.. අවශ්‍ය නම් තව ලක්ෂ 10 අද ඇනවුම් කළත් ඉදිරි මාස 3-4 ලබාගන්න පුළුවන්... ආණ්ඩුව මේ නිලධාරී ටික හරියට පාලනය කරගෙන ශිෆ්ට් 3 කට වැඩ කළොත් මේ ප්‍රශ්නේ එක මාසෙන් විසඳන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් සාමාන්‍ය ක්‍රමයට යන්න.. මේකට හොඳම විසඳුම පාස්පෝර්ට් අලුත් කරන්න යන පරණ පාස්පෝර්ට් එක තිබෙන පුද්ගලයින්ට සාමාන්‍ය ක්‍රමය යටතේ, තමන් ජීවත්වන පළාතේ අධාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉල්ලුම්පත් භාර දෙන ක්‍රමවේදයක් සකස් කරන්න... එහෙම කරාම මේ වගේ ලොකු පෝලිම් හැදෙන්නේ නැහැ.. මිනිස්සු රස්තියාදු වෙන්නෙත් නැහැ. අතිරික්ත උපාධිධාරී නිලධාරීන් විශාල ප්‍රමාණයක් එම කාර්යාලවල සිටිනවා. ඔවුන් මෙම කාර්යයට යොදා ගන්න පුළුවන්..

:       2       10

de silva Wednesday, 19 February 2025 04:25 PM

ඩිගිටල් හැඳුනුම්පත් ඇතුළු අලුත් අලුත් සංකීර්ණ දේවල් පටන්ගන්න ඉස්සර වෙලා මනුස්සයෙකුට තමන් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා විදේශ ගමන් බලපත්‍රයක්, හැඳුනුම්පතක් සඳහා ඉදිරිපත් කිරීම සඳහා ඉල්ලුම් කළාම අදාල ලියැවිල්ල සති 2-3 අතර කලෙකදී අතට ලැබෙන ක්‍රමවේදයක් සකස් කරන්න. මේවා තමයි මිනිස්සු ඉල්ලපු සිස්ටම් චේන්ජ්...

:       1       5

sanath Wednesday, 19 February 2025 04:29 PM

මම මාර්ගස්ථ ක්‍රමයට පාස්පෝර්ට් එකක ලබාගන්න දිනයක් වෙන්කර ගත්තා. මට ලැබුණේ ජුනි මාසේ දිනයක්, අලුත් ක්‍රමේට අනුව මටත් දියක් නැතුව කෙලින්ම කර්යලේට ගියාම අයැදුම්පත භාර දෙන්න පුළුවන්ද? එහෙම නැතිනම් අලුත් දිනයක් ලැබෙනවාද? එහෙමත් නැතිනම් මම ජුනි මාසේ වෙනකම් ඉන්න ඕනේද?

:       0       4

R.T.Sarath Wednesday, 19 February 2025 04:45 PM

පාස්පෝර්ට් එකක් වසර 10ක් වලංගු වෙනවා. කොරෝනා කාලෙට ඉස්සර නික්දිනකට ඉල්ලුම තිබුනේ පාස්පෝර්ට් 1500-2000 අතර ප්‍රමාණයක්, පසුගිය කාලේ තිබුණු ප්‍රශ්න අනුව දැනට හිරවෙලා තිබෙන්නේ පාස්පෝර්ට් ලක්ෂේක පමණ ප්‍රමාණයක්, ශිෆ්ට් 3 කට වැඩ කළොත් දිනකට පාස්පෝර්ට් 5000-6000 අතර ප්‍රමාණයක් නිකුත් කරගන්න පුළුවන්. දිනකට 5000ක් නිකුත් කළත් සති දෙකක් ඇතුළත පාස්පෝර්ට් 70000 නිකුත් කරන්න පුළුවන්... ඊට පස්සේ මාසයක් විතර ශිෆ්ට් 2 වැඩකළොත් ඔය ප්‍රශ්නේ විසඳාගන්න පුළුවන්... නමුත් ඇමැති මැදිහත්වෙලා මාස්පතා හොයලා බලන්න ඕනේ තොග ඇනවුම් කරලාද කියලා, නිලධාරී බලන්නේ මොකක් හරි හේතුවක් හදාගෙන, පෝලිම් හදාගෙන පගාව ගහන්න... එහෙම කළොත් මිනිස්සු බනින්නේ ආණ්ඩුවට ආණ්ඩුවට මාස 6 පිරුණාට පස්සේ නිදහසට කරුණු කියලා ගැලවෙන්න බැහැ...

:       0       5

sanath Thursday, 20 February 2025 03:22 AM

ආණ්ඩුව දැන් පසුගිය ආණ්ඩුවේ ඇමැතිවෙලා හිටිය ටිරාන් අලස්ගේ සහ පසුගිය ආණ්ඩුවේ අඩුපාඩු කියමින් නිලධාරීන් හුරතල් කිරීම නතර කරන්න , ටිරාන් අලස් හිතා මතාම කොමිස් ගැසීමේ අරමුණ ඇතිව කටයුතු කිරීම නිසා විසා සහ පාස්පෝර්ට් ප්‍රශ්න ඇතිවූ බව පෙනෙනවා , නමුත් මේ වනතුරු ඔහුට විරුධව චෝදනා ගොනු කර නීතිය ඉදිරියට ගෙන එන්න ආණ්ඩුව කටයුතු කර නැහැ , එම නිසා ඔහු කල පවු කරගැසීමට ආණ්ඩුවට අනිවාර්යයෙන් සිදුවෙනවා , කොහොම නමුත් අනුර ජන්ධිපතිවෙලා ලබන මසට මාස 6 පිරෙනවා , අවම වශයෙන් තව මාස 2 යනකොට මනුස්සයෙකුට පෝලිම් වල දුක් විදින්නේ නැතුව පාස්පෝර්ට් එක ගන්න කටයුතු සැලසීම ආණ්ඩුවේ වගකීම වෙනවා , එහෙම නැතිනම් ටිරාන් අලස් අධිකරනෙට ඉදිරිපත් කරන්න ,

:       0       0

asanka Thursday, 20 February 2025 03:59 AM

බුද්ධි ගලනය තවත් අවුලකින් අවසන් විය හැක. පුරවැසියන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සැබෑ චිත්‍රය තීරණය කිරීමට මෙය හොඳම ලකුණකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site