(එම් කේ. නන්දසේන සහ කේ.ඩී.දේවප්‍රිය)

කතරගම මයිලගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පිහිටුවා ඇති පිහිනුම් තටාකයට වැටී අවුරුදු 02 ක් පමණ වයසැති පිරිමි දරුවකු  මියගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ එම නිවාඩු නිකේතන හිමියාගේ දෙවැනි පුතකු වන මනිප්පුගේ කොවින් වින්සිත නැමැති දරුවාය.

ළමයාගේ මව කෑම පිසිමින් සිටින අතරවාරයේ මෙම ළමයා සෙල්ලම් කරමින් සිට ඇති අතර ඒ ආසන්නයේ තිබූ මෙම පිහිනුම් තටාකයට වැටී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

සෙල්ලම් කරමින් සිටි ලමයා කොයිද කියා සොයා බැලීමේදී මෙම පිහිනුම් තටාකයේ වැටී සිටියදී ගොඩගෙන කතරගම රෝහල වෙත රැගෙන යන විටත් මිය ගොස් තිබූ බවට වෛද්‍යවරු පවසා තිබෙි.