(ප්‍රසාද් රුක්මල් )
ගිරාදුරුකෝට්ට සහ ඌවපරනගම පොලිස් බල ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 11ක් පූජා භාණ්ඩ , උදලු අලවංගු ,මැටි පහන්, සුවද දුන් ඇතුලු උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව ඌව පලාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි .
ගිරාදුරුකෝට්ට ගල්පෝරුයාය වෙලන්ගස්පිටිය ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටියදී මහියංගණ සොරබොර ,ගම්පහ ගනේගම,වතුරගම මල්වතුහිරිපිටිය , ගල්පෝරුයාය වෙලන්ගස්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33,38, 45,46 වයසේ පසුවෙන සිව්දෙනෙකු සහ ඌවපරනගම මස්පන්න නායගෙදර ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටියදී කුබුක්වෙල තෙරිපැහැ, වැලිමඩ කැටකෑල්ල, මස්පන්න නායගෙදර , කැප්පෙටිපොළ , වැලිමඩ දිවිතොටවල, නුගතලාව , කැප්පෙටිපොළ යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 36, 39, 33, 32, 42, 31, 29, වයසේ පසුවෙන හත්දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය සදහන් කළේය .
ගිරාදුරුකෝට්ට සහ ඌවපරනගම පොලිස් ස්ථාන වල නිලධාරීන් ලැබුණු තොරතුරක් මත මෙම නිධන් හාරමින් සිටි පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් හාරමින් සිටි 11ක් මාට්ටු