
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වරමකින් කියූ බව කියන මැණික් කළයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරමින් සිටි එකම පවුලේ තිදෙනෙක් ඇතුළු සිව් දෙනකු කිරිවත්තුඩුව කැන්ද- කැටියවත්ත ප්‍රදේශයේදී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර තරුණ යුවළක්, එම කාන්තාවගේ සහෝදරයා සහ පිටස්තර පුද්ගලයෙක් වන බව පොලිසිය සඳහන් කරයි
සැකකරුවන් සහ සැකකාරියන් සමඟ පූජා භාණ්ඩ, වතුර මෝටරයක් උදලු, සවල් ,යකඩ මිටි ආදි උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd