(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නිදහස් දිනය සැමරීමට වැයවන මිලියන 200ක වියදම අර්ථාන්විත දෙයකට යොදවන්නැයි අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.
දැන් රටෙි සමරන්න තරම් ලොකු නිදහසකුත් නැතැයි ද මෙදින රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනංවන ප්‍රකාශනයක් වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කරනවා විනා මුදල් වියදම් කිරීම විහිළුවට ලක්වන වැඩක් බව කිව ද රතන හිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට කහනවටයි මේ අහන්නේ... අපේ බුදුහාමුදුරුවෝ සංඝයා වහන්සේලාට රාජ්‍ය පාලනයේ හෝ දේශපාලනයේ තනතුරු ආදිය අනුමත කරේ නැහැ නේද?
ඔබවහන්සේගේ අදහස් ඉතාම වටිනවා, එමෙන්ම කාලෝචිතයි,... නමුත් ජනවරමක් නැති අපේ ජනාධිපතිට අනුව නම් මෙය ඒකාධිපති පාලකයෙකුගේ ප්‍රතිරූපය පුම්බන්න සිදුකරන ආයෝජනයක්...
කුඩා දරුවන් මන්ද පෝෂණයෙන් ඉන්න රටක නාස්ති වියදම් කරන්න හිත දෙන නායකයින් ඉන්නවාද?
අවසරයි අපේ හාමුදුරුවනේ .මේ හදිසියේ මේ වගේ කරුණාවක්, ආදරයක් පහළ උනේ.
ඒක ගොඩක් හොඳ අදහසක්...!
මුලුරටම හොරාකාලා කාබාසීනියා කරපු ,ජනතාව රවට්ටපු මහපාරට ඇදලාදාපු දූෂිත දේසපාලුවෝ නිදහස සමරන්ඩ යනවා. වසර 75ක් දූෂිත නායකයෝ ජනතාව ඇන්දුවා .උන්ගෙන් නිදහස් වෙච්ච් දාකට තමා අපිට නියම නිදහස ලැබෙන්නේ.