
(ඩයනා උදයංගනී)
නිදහස ජනතා සභාව මගින් සකස් කළ ‘නිදහසට පෙරවදනක්’ ආර්ථික සංවර්ධන උපායමාර්ගික සැලැස්ම සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීම විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (13) සිදුකෙරිණි.
මෙම උත්සවය ආරම්භ කරමින් පොල්තෙල් පහන් දැල්වූයේ කේ.ආර් සෙව්නි මින්දුලා, ජේ ගීතාංජලී සහ ෆාතිමා රුස්නා යන සිංහල, දමිළ හා මුස්ලිම් ජාතීන් නියෝජනය කරන පාසල් ශිෂ්‍යාවන් තිදෙනෙකි.
‘නිදහසට පෙරවදනක්’ ආර්ථික සංවර්ධන උපායමාර්ගික සැලැස්ම සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන උපායමාර්ගික සැලැස්ම යන ප්‍රකාශන ද්විත්වයෙහි පළමු පිටපත් ද ‘වර්තමානයෙන් අනාගතයට දායාද කිරීම’ සංකේතවත් කරමින් උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පිළිගැන්වීමට කටයුතු යොදා තිබිණි.
ඒ අනුව නිදහස ජනතා සභාව නියෝජනය කරන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් අතින් රුහුණු වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යාපනය ලබන කවිඳු මොරායස් ශිෂ්‍යයාට සහ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යාපනය ලබන නිසංසලා ප්‍රියංගනී, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ විනූ විද්‍යාරත්න, කොළඹ නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ක්‍රිෂ්ණා රාජිනී යන ශිෂ්‍යාවන් වෙත එම ප්‍රකාශයනයන් පිළිගන්වනු ලැබිණි.
නැදගමුවේ විජයමෛත්‍රී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නා හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරුන් වෙත සහ පැමිණ සිටි දේශපාලනඥයින් වෙත එය පිළිගැන්වූයේ ඉන් අනතුරුවය.
මෙම ප්‍රකාශන එළිදැක්වීමෙන් අනතුරුව එම දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන උපායමාර්ගික සැලැස්ම පැහැදිලි කරමින් මහාචාර්ය චරිත හේරත් මහතාත්, ආර්ථික සංවර්ධන උපායමාර්ගික සැලැස්ම පිළිබඳව පැහැදිලි කරමින් මහාචාර්ය නාලක ගොඩහේවා මහතාත් මෙහිදී අදහස් දැක්වූහ.
නිදහස ජනතා සභාවේ ෆේස්බුක්, ට්විටර්, ලින්ක්දින්, යූ ටියුබ් සහ ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය ජාලා දියත් කිරීම ද ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ලලිත් පියුම් පෙරේරා, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති, ඉංජිනේරු විජිත හේරත් යන මහත්වරුන් ඇතුළු නිදහස ජනතා සභාවේ සාමාජිකයන්ගේ අතින් මෙහිදී සිදුකෙරිණි.
(ඡායාරූප ළහිරු හර්ෂණ)

2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘නිදහසට පෙරවදනක්’ සැලැස්ම එළියට
Deepal Warusawihana Sunday, 13 November 2022 05:18 PM
ආගමික ස්ථානවලින් කරන ලවුඩ්ස්පීකර් , බෆල් ශබ්ද දූෂණයෙන් නිදහස ලැබෙන්නෙ කවදාද ???