(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
" ඔබත් 75 නිදහස් උලෙළේ ආරාධිත අමුත්තෙක් ද ? එසේ නම් ජනතා උත්තමාචාර මැද බේරේ වැවේ දිය කෙළීමට සූදානම්ව පැමිණෙන්න යැයි පවසමින් මුහුණුපොතේ( පෝස්ට්) අදහස් පළ කළ අරගලයේ ක්‍රියාකාරිකයකු මහරගම දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි.
පුද්ගලයකු සිය මුහුණු පොතේ මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පොස්ට්) පළ කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
සැකකරු ඉහත ආකාරයෙන් මහජන කැළඹීමක් ඇතිවන ආකාරයේ අදහස් ( පෝස්ට්) අතර විවිධ ආකාරයෙන් සකස්කර ඔහුගේ මුහුණු පොතට ඇතුළත් කර තිබූ බව පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබිණි,
ඒ අනුව එලෙස අදහස් පළ කළ සැකකාර පුද්ගලයාගේ මුහුණු පොතේ ගිණුම පරීක්ෂාකර ඔවුන්ගේ සවිස්තර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වීම සහ රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පවතින පුද්ගලයෙක් බවත් පොලිසිය කියයි.
40 හැවිරිදි සැකකරු නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු භාගෙට මැරෙමින් ජීවත් වෙන තැනට දාලා මිලියන 200ක් වියදම් කරලා පවත්වන උත්සවය බලන්න එන මිනිස්සුන්ව අමුතුවෙන් බේරෙවැවට දාන්න ඕනෑ නෑ. එයාලා සිය කැමැත්තෙන්ම පනියි. තව ටික දවසක් යද්දී... දැනටමත් පේනවනේ දරුවන්ට වහ පොවලා මැරෙන්න හදන මව්පියන් ගණන වැඩිවෙන හැටි...
"ඔබත් 75 නිදහස් උලෙළේ ආරාධිත අමුත්තෙක්ද? එසේ නම් ජනතා උත්තමාචාර මැද බේරේ වැවේ දිය කෙළීමට සූදානම්ව පැමිණෙන්න" මේකෙන් කොහොමද මහජන කැළඹීමක් ඇති වෙන්නේ? දේශපාලකයින් නිතරම කියන්නේ කවුරුත් නැගී සිටින්න මේ රජය එළවන්න කියලා. එහෙනම් ඒකත් වැරැදියිනේ.
ජවිපෙ ත්‍රස්තවාදියා අත් අඩංගුවට ගන්න.
නිදහසට එන අය නොව මුන් වගේ කාලකණ්ණියෝ තමා බේරේ වැවේ නොව ලෝදිය පොකුණක නාවන්න ඕ්න
දැන් එයාව බෙල්ලෙන් අල්ලා බේරේ වැවේ ඔබන්න...