
(ඩයනා උදයංගනී)
මෙරට 75 වන නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පෙබරවාරි 4 වැනිදා උදෑසන ඉතා අභිමානවත් අයුරින් පැවැත්වෙන අතර එහි ආචාර පෙලපාලියේ පුහුණුවීම් කටයුතු මේ දිනවල සිදුකෙරේ.
මෙහි පෙරපුහුණු කටයුතු අද (2) දිනයේ පැවැත්වූයේ ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ද සහභාගීත්වයෙනි.
මෙවර ආචාර පෙලපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය මෙන්ම ජාතික ශිෂ්‍ය භට බලකාය ද සහභාගී වන අතර, නිලධාරීන් 6012කගෙන් සහ සන්නද්ධ රථ 320කින් සමන්විතය.
මේජර් ජෙනරාල් දීපාල් පුස්සැල්ල මහතා මෙහි අණදෙණ නිලධාරී ලෙස කටයුතු කරයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්... මේ ජනතාවට පේන්න කරන වැඩක් නේද? ඔන්න බලන්න අපි නිදහස සමරනවා. ඔයාලාට බැරි වුණාට... කියලනේ මේ කියන්නේ. දැඩි ආරක්ෂක රැකවල් මැද සමරන ‘‘නිදහස‘‘ මොකක්ද?
කෝ දැන් සිංහයගෙ බෙලෙක්කෙ? ලොකෙ වටෙට හොල්ල හොල්ල ඉල්ලද්දි අරන් යන?
මේක ඉතාම ඓතිහාසික වැදගත් කමක් තියෙන නිදහස් උත්සවයක්... ලංකාව සුද්දන්ගෙන් නිදහස ලැබිලා තියපු පළමු නිදහස් උත්සවය වගේ. අපේ රට බංකොළොත් කරලා ව්‍යවස්ථාව ජිල්මාර්ට් එකකින් මහජන කැමැත්තකින් තොරව රටේ ජනාධිපති වෙලා හිඟන රටක් විදිහට පවත්වන පළමු නිදහස් උත්සවයනේ...
නාඩගමක්...