(ඩයනා උදයංගනී)
මෙවර නිදහස් දින සැමරුම් උළෙලේදී ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදුනොකරන බවත්, එදින පස්වරුවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත්ව මෙන්ම අඩු වියදමකින් පැවැත්වීම සඳහා උළෙල පැය එක හමාරකට සීමා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ හේතුවෙන් ජනාධිපතිවරයා ජාතිය ඇමතීම වෙනම සිදුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දින සමරු උළෙල ‘නමෝ නමෝ මාතා සියවසකට පියවරක්’ තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේ දී ඉතා අභිමානවත් අයුරින් පැවැත්වෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
ප්‍රමිත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙවර නිදහස් දින සැමරුම ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ජාතික ශිෂ්‍ය භට බලකාය පමණක් සහභාගී වන ආචාර පෙලපාලියකින් සමන්විත අතර, එයට ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා නිලධාරිනියන් 6012කගෙන් සහ සන්නද්ධ රථ 320කින් සමන්විත බව ද රාජ්‍ය ඇමතිවරයා කීවේය.
මෙරට 100 වන නිදහස් දිනය සැමරෙන 2048 වසර දක්වා වසර 25 ක කාලයක් වෙනුවෙන් නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම ද මෙවර නිදහස් දින සමරු උළෙලෙන් පසු සිදුකරන බව ප්‍රමිත බණ්ඩාර මහතා පැවසීය.
නිදහස් දිනයට සමගාමීව පාසල් හා තරුණ ප්‍රජාව ඉලක්ක කරගත් තරඟාවලි, නිදහස් චතුරස්‍රයේදී 3 වැනිදා පස්වරුවේ ‘ලංකාර ලංකා’ නමින් සංස්කෘතික උළෙලක්, අඩු ආදායම්ලාභී පවුල් මිලියන 10කට සහන සැලසීම, නිවාස අහිමි පවුල්වලට නිවාස ලබාදීම ආදී කටයුතු රැසක් සිදුකිරීමට ද සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඉතින් ඔය පිනාගේ භූත කතාව අහන් ඉන්නේ ටීවී චැනල්වල කම්කරුවන් සහ කාර්මික ශිල්පීන්... එයාලාට වෙන කරන්න දෙයක් නැහැනේ... කැමරා අල්ලගෙන ඉන්න එපැයි...
මෙික මේ රටට කරන නින්දාවක් , මේ මොන ජන පතිද, මේක තමන් ගෙ ජන්ද කොට්ටාසෙ වත් දිනාගත්තෙ නැ. මේ මොන ජනාදිපතියෙක්ද , මේක හොරු 134 හොරනායකයා. මේක ජාතියඅමතන කොට tv නිවාදාපල්ලා.
ඉක්මණින් ඡන්දයක් තබා ජනමතය පෙන්වන්න.
මෙවර නිදහස් දිනය සෙනසුරාදා දිනයක් නිසා ලංකාවේ සාම ප්‍රදේශයකින්ම කොලබට පැමිණෙන ඕනෑම කෙනෙකුට දුම්රිය සහ bus සේවා මිල අඩකින් අඩකින් අඩුකළ හැකිනම් කොලබට පැමිණෙන පිරිස වැඩිවනු ඇත. එම පැමිණෙන පිරිස් zoo, museum, සදහා ඇතුල් වීමට සහනයක් ලබා දුනහොත් සහ hotel වල මිල යම් ප්‍රමාණයකට අඩු කිරීමක් කල හොත් ( සත්‍ය වශයෙන්ම සහන දිනයක් ) වැඩි පිරිසක් කොලබට පැමිණ මුදල් වියදම් කරනු ඇත. එවිට කොලබ වෙළද ප්‍රජාවට ලැබෙන අදායම වැඩිවීම සිදුවේ. එදින රාත්‍රියේ musical shows පවත් උවහොත් අදායම් කුඩා කඩල වෙළෙන්දාගේ සිට hotel දක්වා අදායම් ඉහල යනු ඇත. යෝජනාවක් පමණි
මොනවද ඉතින් අලුතින් කියන්න තියෙන්නේ..? ඉස්සරහට එන්නේ අමාරු කාලයක් කියයි...