
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව, උත්තර සභාගය ඇතුළු සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී මේ වන විට ආරම්භ වී තිබේ.
මෙම සන්ධානයෙහි ලකුණ ‘හෙලිකොප්ටරය’ වේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල් මහතාගේ ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරණ ‘උත්තර ලංකා සභාගය’, අනුර ප්‍රියදර්ශන යාපා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.