
(සිතුම් චතුරංග)
වවුනියාව නෙදුන්කෙණි, වඩුන්නාගල (වඩික්කනාරමලෙයි) පුරාවිද්‍යා ස්ථානයේ පසුගිය ශිවරාත්‍රි දිනෙය් අැතිවූ නොසන්සුන්කාරී තත්වය සමඟ අත්අඩංගුවටගත් පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට විරෝධය දක්වමින් හා පොලිසිය පක්ෂපාතීව ක්‍රියාකරන බවට පවසමින් සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් නෙදුන්කෙණි පොලිස් ස්ථානය ඉදිරිපිට අද (15) විරෝධතාවක නිරත වූහ.
විරොධතාකරුවන් පවසා සිටියෙ පොලිසියේ ක්‍රියාකලාපය හා පුරාවිද්‍යා නිලධාරීන්ගෙෙ ක්‍රියාවන් හේතුවෙන් අත්අඩංගුවටගත් පිරිස මේ වන විට බන්ධනාගාර ගතකොට අැති බවත් මෙම ස්ථායේ ශිව කෝවිලක් ස්ථාපිත කර අැති අතර එ‍් පිළිබද පොලිසිය කිසිදු තැකීමක් නොකර ශිවරාත්‍රි දින පූජාවට එම ස්ථානයට පැමිණි පුද්ගලයින් අත්අඩංගුවටගෙන අැති බවත්ය.
පසුගියදා(08) රාත්‍රී දෙමළ දෙශපාලන නායකයින් අැතුළු පිරිසක් අනවසරයෙන් වඩුන්නාගල පුරාවිද්‍යා ස්ථානයේ පැවැත්වූ උත්සවයක් හේතුවෙන් පොලිසිය සහ පැමිණි පිරිස් අතර නොසන්සුන්කාරී තත්වයක් අැතිවූ අතර එහිදී පූජකයකු අැතුළු අටදෙනකු අත්අඩංගුවටගෙන වවුනියාව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

2025 දෙසැම්බර් මස 18
314
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙදුන්කේණි පොලීසියට එරෙහිව විරෝධතා
වත්සි Friday, 15 March 2024 05:23 PM
දැන් මෙතන පාදිලි උන්නාන්සේ කෙනෙකුත් ඇවිල්ලා කරන විරෝධය කුමක්ද? ගෝල්ෆේස් අරගල කල්ලියේ හිටියේත් මේ වගේ සට්ටම්බියෝ පිරිසක්. මේ රටේ බොහෝම සැරේට ක්‍රියාත්මක වෙන්නේ සිංහල බොදු විරෝධයක්. ගෝඨාභය ඉවත් කිරීම සිදු වුනෙත් ඒ අනුව බව දැන් නම් හොඳින්ම පැහැදිලියි.
ඇබිත්තෙයාSaturday, 16 March 2024 06:11 PM
අදහස භාගයක් හරි වරද තියෙන්නේ ගෝඨාභය ඒකට සම්බන්ධ කිරීම තමයි... නැත්නම් අහවල් එකටද සුදු ලෝගුවක් එතැනට රිංගුවේ කියලා අහන්න වෙනවා. මෙහෙම පුරාවිද්‍යා ස්ථාන ගැන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට නැත්නම් පුරාවිද්‍යා කොමසාරිස්තුමාට ඉහළම අධිකරණයට ගොස් ඒවායේ තියෙන ශාක්ෂි අනුව අයිතිය සම්බන්ධ තීන්දුවක් ගන්න බැරි ඇයි...?
G. K. Ekanayake Friday, 15 March 2024 11:12 PM
මෙවන් අවස්ථා පාලනයට රාජපක්ෂවරු අවශ්‍යයි...