(බී.ජී.චතුරංග)
පෞරාණික වස්තු සෙවීමේ අරමුණින් රක්ෂිත කැලෑවක් මැද කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අංක 7 දිගන, රජවැල්ල, වන මල් උයන වලගම්බාහුව, මරදන්කඩවල, සහ ගලෙන්බිදුණුවැව යන ප්රදේශවල පදිංචි වයස අවුරුදු 23,43,52 සහ 55 වියේ පසුවන පුද්ගලයන් සිව් දෙනෙකි.
අංක 598, මඩවල ග්රාම නිලධාරී වසමේ නාමල්පුර ඉහල වැව ප්රදේශයේ රක්ෂිත වනාන්තරයක් මැද මෙම කැණීම සිදු කරමින් සිටියදී සැකරුවන් අත්අඩංගුවට ගත් බවත්, මෙම සැකකරුවන් සන්තකයේ තිබී, පූජා භාණ්ඩ සහ කැණීම් උපකරණ තොගයක් ද සොයා ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මේ මහපොළොව යට තියාගෙන ඉඳලා වැඩක් තියනවාද මිනිසුනේ...? ගන්න පුළුවන් කෙනෙකුට මේවා ගන්න දීපල්ලා.. ඒ කාලෙත් මේ රටේ හිටපු පොහොසත්තු හා පාලකයින් ඒවා පොළව යට නිධන් කළා. බහිරවයෝ වෙලා ඒවා නැවත ලබාගැනීමේ අරමුණෙන්... දැන් තේරෙනවනේ, "අත් හැරීම" ගැන බොරු කරලා කරලා තියන දේවල්.. දැනුත් ඉතින් වෙනසක් නැහැ, බහුතරයක් මේ මහපොළොව බදාගෙන ඉන්න මළ පෙරේතයි... යුරෝපය ඇතුළු වෙනත් රටවලට ගිහින් බලාපල්ලා, ඒ මුතුන් මිත්තන් ඔවුන් ඔවුන් සතු සියල්ල අනාගතය වෙනුවෙන් මේ මහපොළොව මතුපිට තැබුවා මෙන්ම මේ පොළව මතුපිට යමක් ස්ථාපිත කළා... ඒත්, අපේ අපතයෝ, මේ මහපොළොව යට සඟවා තැබුවා... අන්න ඒකයි වෙනස. දැන් කියලා වෙනස් වෙලත් නැහැ. සසර පුරාවටම මේ මහපොළොව බදාගෙන හූල්ලමින් ජීවත්වෙන බහිරව පරම්පරාව..!