(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටියේ නිවසක සඟවා තිබූ ලක්ෂ විස්සකට වැඩි වටිනාකමකින් යුතු මත් පෙති 7000 ක් සමඟ  එක් සැක කරුවෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මත් පෙති පෙට්ටි 58 ක අසුරා,සැක කරුගේ නිදන කාමරයේ මාලු දැල්වලින් ආවරණය කර තිබිය දී සොයාගෙන තිබේ. 32 හැවිරිදි සැකකරු කලක් බෙහෙත්හළක සේවය කළ අයෙකි.

විවිධ ක්‍රම ඔස්සේ කොළඹ සිට මෙම මත්ද්‍රව්‍ය  කල්පිටියට ගෙන එන බවත්,එක් පෙත්තක් රුපියල් 300 ක මිලකට අලෙවි කරන බවත් සැකකරු පොලිසියට පවසා ඇත.