IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නාථගනේ ස්තූපය - නටබුන් අනාගත පරපුරටත් ඉතිරි කරන්න

(යොහාන් භාසුර)

නාථගනේ ස්තූපය හා පුරාවිද්‍යාත්මක නටබුන් සහිත ප්‍රදේශයේ කැනීම් කටයුතු මේ වන විට අවසන් බවත් මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය ඉදිරි පරම්පරාවන් වෙත දායාද කිරීමට ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටින බවත් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

වෙසක් උළෙලට සමගාමීව මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන ජනතාව වෙත වැඳුම් පිඳුම් කිරීමට කඩිනමින් කැණීම් කටයුතු අවසන් කළ බව ද අමාත්‍යවරයා කීය.

නාථගනේ ස්තූප පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට පැමිණි අමාත්‍යවරයා එසේ පැවසීය.

කුරුණැගල සිට පුත්තලම් ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර පමණ දුර ගමන් කර හමුවන මහකෙළිය මංසන්දියෙන් වමට හැරී කිලෝමීටර දෙකක් පමණ ගමන් කළ විට වල්පොල හමුවන අතර වල්පොලින් වමට හැරී කිලෝමීටරයක් පමණ ගමන් කළ පසු නාථගනේ පුරාණ විහාරය ආශ්‍රිත නටබුන් පරිශ්‍රයට ලඟා විය හැකිය.

ජනප්‍රවාදයට අනුව නාථගනේ කන්ද ආශ්‍රිතව පිහිටා ඇත්තේ මුණ්ඩකොණ්ඩපොල රාජධානියයි.

එසේම මෙම ශේෂ කන්ද ආශ්‍රිතව කටාරම් සහිත ගල්ගුහා රාශියක් සහ මෙම ගුහා ආශ්‍රිතව අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් මූල බ්‍රාහ්මීය ලිපි හතරක් ද සොයාගෙන තිබේ.

කන්ද පාමුල අනුරාධපුර යුගයේ අවසාන භාගයට අයත් ගඩොළුමය ස්තූපයක්, පොකුණක් සහ ගල් කණු සහිත ගඩොළුමය ස්මාර්කයන්හි නෂ්ටාවශේෂයන් දක්නට ලැබෙන අතර මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මෙම පුරාවිද්‍යා පරිශ්‍රයේ ඇති ස්තූපය කැනීම් කර සංරක්ෂණය කෙරිණි.

අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණ චාරිකාවට ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමීණි රණසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.



අදහස් (5)

නාථගනේ ස්තූපය - නටබුන් අනාගත පරපුරටත් ඉතිරි කරන්න

Prabhath weerasiri Sunday, 07 May 2023 08:52 PM

හිරිවඩුන්න වජ්‍රාසනය වහා නිරාවරණය කරනු. අනවසර ඉදිකරන දාගැබ ඉවත් කරනු...

:       4       6

පංස්ලේ හිගන්නා Monday, 08 May 2023 07:26 AM

සුදු ඇඳගත් දේශපාලන වයිරස. අතන මෙතන කියවපුවා මිස කරපු දෙයක් නැත. කමකට නැති පරම්පරා දේශපාලනයට හොඳ උදාහරණයක්... අපේ බදුසල්ලි වලින් ගත්තු සැපවාහනේ කුරුණෑගල, පුත්තලමේ යද්දි පට්ට ආතල් නේද විදුර?

:       0       1

Bamunuarachchi Monday, 08 May 2023 10:20 AM

නාථගනේ ස්තූපය පමණක් නොව ලංකාවේ, උතුර නැගෙනහිර ඇතුළුව සරට දික්භාගයේ ඇති සියලුම ස්තුප, විහාර, පන්සල් ඇතුළුව බෞද්ද පුජනීය සථාන නටබුන් අනාගත රුවන් සඳහා රැකගන්න. උතුරේ පන්සල් එපා කියන බොරුකාරයෝ අපි ජිහාඩ් කරමු.

:       0       4

ලුම්බිණි Monday, 08 May 2023 10:28 AM

බොරු වැඩ නොකර ඉන්නවාද?

:       1       1

BamunuarachchiWednesday, 10 May 2023 06:01 PM

මේවගේ අය ඉතිහාසයේ හිටියා නම් අද මේ රටේ බුද්ධාගමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site