(යොහාන් භාසුර)
නීතිවිරෝධීව පවත්වාගෙන ගිය විදේශ රැකියා එජන්සියක් වටලා එහි හිමිකරු සහ කළමනාකරු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ඩුබායිහි රැකියාවක් ලබාදීම සඳහා තිරුක්කෝවිල් ප්‍රදේශයේ තරුණයකුගෙන් රුපියල් 450,000 ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව නොදීම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කළ බව කියන එම කාර්යංශය එම ස්ථානය වටලන අවස්ථාවේදී එහි සේවයේ යෙදී සිටි තරුණයන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන මුදාහැරි බව ද සඳහන් කළේය.
එම රැකියා නියෝජිතායතනයේ හිමිකරු හා කළමනාකරු විශේෂ විමර්ශන අංශයට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත් සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරි බවත් එම කාර්යංශය කියයි.
තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි තරුණයාගෙන් ලබාගත් රුපියල් 450,000ක මුදල වාරික දෙකකින් ඔහුට ආපසු ගෙවන ලෙස ද නියෝග කර අධිකරණය සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කළ බව ද එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd