(අජන්ත කුමාර අගලක )
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය කළ ඉල්ලීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම,රාජිත සේනාරත්න හා කබිර් හෂීම් යන මහත්වරුන් ඉකුත් අඟහරුවාදා (30) ජනාධිපතිවරයා හමුවී මෙම ඉල්ලීම කර ඇති බවද දැනගන්නට ඇත.
එහෙත් ෆොන්සේකා මහතාට කිසිඳු හේතුවක් මත නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදීය නොහැකි බව ජනාධිපතිවරයා ඔවුන්ට එහිදී දැනුම් දී ඇති බවද වාර්තා වේ.
ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබා නොදීමට හේතු කාරනා ද ජනාධිපතිවරයා විසින් පැහැදිලි කරනු ලැබ ඇතැයි ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්. ෆොන්සේකා හමුදාපතිව විවේචනේ කළා පහු ගිය කාලේ. ඒ වගේම බුද්ධි අංශ හිරේ දාද්දි ඒවාට අනුබල දුන්නා. ඉස්සර හිටිය ෆොන්සේකා නෙමේ දැන් ඉන්නේ.
මෙහෙමත් පාලකයෙක් ඉන්න රටක් කුමකටද?.
මෙය ජනාධිපති තුමා ගත් හොඳ තීරණයක්! දුරදිග බලා ගත් තීරණයක්!
රටවැසියෝ වශයෙන් අද අපි අසරණ වෙලා.
මෙරටේ බොහෝ විට සිදුවන්නේ සුදුස්සාට සුදුසුතැන දෙනවා වෙනුවට කිසිම දක්ෂකමක් හෝ හැකියාවක් නොමැති පක්ෂ ක්‍රියාකාරීන්ට උසස් තනතුරු ලබාදීමයි. රටේ දැනට තිබෙන ප්‍රශ්ණයේදීත් එසේ නොකර වැරදීම් හඳුනාගෙන දක්ෂතාවය හැකියාව සහිත අය අදාල රාජකාරි සඳහා පත්කලොත් මේරට රකින්නත් ත්‍රස්තවාදය පරාජය කරන්නත් හැකිවේවා.රටේ පවතින ත්‍රස්තවාදී ප්‍රශ්ණය විසඳීමට නියම සුදුස්සා ෆොන්සේකා මන්ත්‍රීතුමාය
ෆොන්සේකා දක්ෂයෙක් ඒකේ සැකයක් නෑ.මෙච්චර කල් මෙයාට උදවු කරපු සියලු දෙනා එක්කම මෙයා ගැටුම් ඇති කර ගත්තා.
ඇයි මොකද බයද? නැත්නම් කාගේ හරි ඕඩර් එකද්ද?
මේකෙන්ම පෙනෙනවා ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශය තමන් යටතේ තිබියදී මෙච්චර විනාශයක් වෙලත් රටේ ආරක්ෂාවට වැඩිය තමන්ගේ දේශපාලන මතිමතාන්තර වැදගත් බව.., සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැතුව පුළුවන්ද රටක් පාලනය කරන්න? ඔක්කෝටම ඉස්සෙල්ලා දෝෂාභියෝගයක් ගෙනත් වැඩබැරි ජනාධිපති ගෙදර යවලා හිටින්න ඕනේ...
මෙයා කවදාවත් හැදෙන ජනාදිපති කෙනෙක් නෙවෙයි. ඡන්දෙ එනකල් තමයි අපිත් බලන් ඉන්නේ.
ජනාධිපතිවරණයට තව මාස කීයද?
මම හිතුවේ මෙලහකටත් ජනපති ඉල්ලා අස්වෙලා ඇති කියලයි. වෙච්ච වැඩේට ආයිත් ඉතින් රෙදි ඇඳගෙන තනතුරු දරන්න පුලුවන්ද?
පිදිය යුත්තන් පුදන්න දන්නේ නැත. අපේ ඛේදවාචකයත් එයමයි.
ඔබතුමා හරි,.. පක්ෂය පළමුව, රට දෙවනුව ඔහොම යං... ලංකාවට අබසරණයි..!!!
විනාශය වෙන්න කලින් දැනුවත්කරලත් ගානක් නැහැනේ.
දක්ෂයන් සිටියදීත් අදක්ෂයන්ට තැන දීමෙන් අවුල්වුණු රටක් හැටියට ශ්‍රී ලංකාව ඉතිහාසගත වෙලා ඉවරයි. මේවා දැකලා පිටරැටියෝ පිටිපස්සෙනුත් හිනාවෙනවා ඇති..
වැඩි හරියකට මතක නැහැ මේ ජනාධිපති තෝරා ගත්තේ රටේ ජනතාවගේ බහුතර වැඩි ඡන්දයෙන්...
මහා මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් අවශ්‍යයි. මහජනතාවට තීරණයක් ගැනීමට අවස්ථාවක් ඉතාම ඉක්මණින් සලසා දිය යුතුයි...
ෆොන්සේකා වැඩ පෙන්නයි කියලා බයේ..
ලකුණු අඩුම ලබාගත් නාකි, නොහැකියාවේ පළමුවැන්නා, ආරක්ෂක ලේකම් ලෙස පත්කළේ ඕනෑම දේකට යේස් සෑර්, යේස් සෑර්, යේස් සෑර් කියන කෙනෙක් නිසාය. වැඩ නම් බැරිය. පෝයට සිල් ගන්න නම් හොඳයි. ෆොන්සේකාට දෙන්න බය ඇයි? හොරු, මිනීමරුවෝ බයයි ෆොන්සේකාට දෙන එකට...
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මයා ගැන උගත්, බුද්ධිමත් පිරිස් එකඑක අදහස් දානවා. මමත් මාගේ අදහස රටගැන හිතලා කියන්න කැමත්තෙමි. ඔව්, සරත් ෆොන්සේකා මයාට නීතිය සහ සාමය පිළිබඳ මනා පළපුරුද්දක් ඇති විශේෂ පුද්ගලයෙක්... ඔහුට එය දීම ගැන රට, දැය ගැන කැක්කුමක් තියෙන, ආදරයක් තියෙන කෙනෙකුට ප්‍රශ්නයක් නොමැත. එහෙත් දේශපාලකයින්ට මෙය ප්‍රශ්නයක් විය හැක. මන්ද අද ඉන්න දේශපාලකයන් 95%ක්ම මේ මිනීමරු ආයතන, අන්තවාදින් සමග ගණුදෙනුවල සාමාජිකයින් වී සිටින නිසාය. උදාහරණයක් ලෙස.. කලුතර සිට අලුත්ගම දර්ගානගරය දක්වා සෝදිසි මෙහෙයුම් නවතා ඇත. එයට හේතුව ඔවුන් මුස්ලිම් අන්තවාදීන්ගෙන් යැපෙන අයව පෝෂණය කරන අය නිසාය. මේ මොහොතේ සරත් ෆොන්සේකා නීතිය, සාමය බාර ඇමති නම්, ඔවුන්ගේ දැඩිතීරණය අනිවාර්යයෙන් ගන්නවා. මෙන්න මේ වගේ හොර, දෙපැත්තෙට වචන කියන, හාල්පාරුවන් තමයි මොහුව එම තනතුරට දානවට අකමැති. ජනාධිපති ඇතුලු ඔහුගේ නීතිවේදීන් සහ ඔහුවටා ඉන්න අයව.. විශේෂයෙන්ම සොයන්න ඕනෑ. ඔවුන්ගේ ගිණුම් සහ වත්පෝසත්කම් කොහෙන්ද? මුන්දැලාට ඇවිල්ලා තියෙන්නේ කියලා..
හොඳ තීරණයක්... මෙතුමා සහයෝගයෙන් වැඩ කිරීමට ගැලපෙන්නේ නෑ.
කොහොමද මෙවැනි දෙයකට සුදුසු? සුදුස්සාට සුදුසු තැන දෙනන්න. ඡන්ද 5000ක් ගත්ත කෙනාට මොන තනතුරුද?
මේවා හරියන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට නිකන් උඩින් විසදුම් හොයලා වැඩක් නැහැ. මට නම් පෙනෙන විදියට දැන් ඉන්න දේශපාලකයන් ගාව මේකට විසදුම් නැහැ. ඒක නිසා ජනතාව එකතු වෙලා මේකට විසදුම් සෙවිය යුතුයි. පුටු මාරු උනා කියල මිනිස්සු බලාපොරොත්තු වෙන දෙය කොහොමත් වෙන්නේ නැහැ. ජනතාව පාලකයන්ට පාඩම් ඉගැන්විය යුතුයි
ෆොන්සේකා මහතා 2020 දී ඔය තනතුර දෙන්නම්. කොනක ඉඳන් සුද්දයක් දෙන්න.
මේ රහසේ ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමේ කුමන්ත්‍රණය පුටු මාරුවකින් නොවිසදේ. ලොකු පරාසයක් තුල විහිදෙන පාලනය කිරීමක් මීට අවශ්‍යයි. උදාහරණ ලෙස ඔවුන්ට ආවේනික වූ අධ්‍යාපන ක්‍රම / ඇදුම් පැලදුම් / විවාහ නීති / මුල්‍යමය ගනුදෙනු පොදු නීතියකින් වෙනස් කිරීම. දැනට හදුනාගෙන තිබෙන මීට සම්බන්ධ දේශපාලකයන් රටේ පාලන අධිකාරියට සම්බන්ද කර නොගෙන සිටීම. මේ කිහිපයක් පමණි තව අදහස් තියන අය දක්වන්න.
ජනපති ඉවත්විය යුතුයි. ඔහුට රට වෙනුවෙන් කළ හැකි හොඳම දෙය එයයි.
ලංකාවේ සිටින සියලු මුස්ලිම් ජාතිකයන් ඔවුන් තුලින්ම බුද්ධි අංශයක් ඇතිකර තොරතුරු එක්රැස් කිරීම ආරම්බ කල යුතුය. මෙම මුලධර්මවාදය බොහෝ දෙනෙක් දැන සිට තිබෙන බව මහජනතාව තුල ප්‍රබල සැකයක් මතුව තිබේ. ජන මාධ්‍ය තුලින් මෙම මුලධර්ම වාදීන්ට විරුද්ද බව ලෝකයට පෙන්වා යටින් උදව් කරනවාදෝ බලවත් සැකයක් ජනතාවට තිබේ. ඕනෑම නිවසක කෙනෙකුගේ යම් වෙනසක් තිබේනම් පව්ලේ අනෙක් අයට තේරුම් ගැනීමට අපහසු නැත. යලිත් ලංකාවේ මෙවැනි මුස්ලිම් මුලධර්මවාදීන් බෝම්බ හෝ වෙනත් ත්‍රස්ත ප්‍රහාරයක් කළහොත් ජනතා හමුදාව් සියලු හමුදාවන් අභිබවා ගොස් සියලු මුස්ලිම් ජාතිකයන්ට විරුද්දව නැගීසිටීම වලක්වා ගැනීමට නම් සියලු මුස්ලිම් ජාතිකයන් එකතුව මුලධර්ම වාදීන්ට විරුද්දව මුලිකත්වය ගෙන කටයුතු කිරීමට පෙරමුණ ගත යුතුය. පසුගිය වසර 10 තුල ලංකාවේ තිබු සාමය යලිත් ඇති කල යුතුය. සැම දෙනාටම සාමයේ ජීවත්වීමේ අයිතියක් තිබිය යුතුය. අන්තවාදීන්ට උදව් කරන්නන් සහ ඔවුන් ආරක්ෂා කරන්නන් දේශපාලන වාසි තකා ආරක්ෂා නොකළ යුතුය. සාමයේ වටිනාකම දැන් සියලු දෙනාට තේරුම් ගොස් තිබේ. සාමය නැවත 100% ඇතිකරලීමේ වගකීම මුස්ලිම් ජාතිකයන් සතුවේ ආරක්ෂක අංශවලට සහයෝගයදීම ඔවුන්ගේ වග කීමකි.
ෆොන්සේකා කියන්නේ හමුදාවත් නොවෙයි, හමුදාව කියන්නේ ෆොන්සේකත් නොවෙයි, තව චිරාත් කාලයක් තව තවත් ෆොන්සේකල බිහිවෙනවා. සමහර විට මේ ෆොන්සේකලට වඩා ඒ ෆොන්සේකල හොඳ වෙන්නත් පුළුවනි, හරියට ඒකාලේ අර්ජුන ගියාම ලංකාවේ ක්‍රිකට් ඉවරයි කියල හිතුනට එහෙම උනේ නැහැ වගේ.
ෆොන්සේකලා ගැන කියන්න විදිහක් නැහැ පොන්සේකලා ආණ්ඩුකරන විට. ඒ කෙසේවෙතත් අර්ජුන ගිය පසු ක්‍රිකට් ක්‍රීඩාව නම් වැටුණා වැටුණාම තමයි. කෝ ඊට පසු ලෝක කුසලානයක් දිනුවාද? රටේ අලුතින් බිහිවෙන දක්ෂ ෆොන්සේකලාව කරලියට ගන්න පරිපාලනයේ ඉන්න පොන්සේකලා කැමති නැත අලුතින් බිහිවෙන දක්ෂ අර්ජුනලා කරලියට ගන්න බුකී කාරයින් සුදානම් නැත.
අර ආරක්ෂක මණ්ඩල සභික බුකි හිමි ලංකාවේ ක්‍රිකට් කාපු පාල මහතා නිතිය හා සාමය ඇමති කරමු .
ඉතා හොද තීරණයක්
අනේ මන්දා හැමෝම විවිධ විදිහට වදන් දෙනවා. හැබැයි අනාගතයේ කන්නත් නැති රටක් වෙනවා ඒකනම් මට විශ්වාසයි. ලෝකෙන්ම උතුම් රට ලංකාව.
ජනපති දන්නවා ෆොන්සේකාට දුන්නොත් අනිවාර්යයෙන්ම ගෝඨත් කඩාගෙන බස්සගන්න වෙනබව...
ඔහුගේ හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මෙන්ම ඔහුටද බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම වැලක් වීමට බැරිවුනා .එවැනි පුද්ගලයෙක් කොහොමද රටේ මෙන්ම අපේ ආරක්ෂාව සලස්වන්නේ. එසේම ඔහු බලය පිළිබඳව කෑදර පුද්ගලයෙක්. කුමන්ත්‍රණයක් කරනත් බැරි නැහැ .