
(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට පහර දීමට අදාලව නීතිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසට පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හදුනාගෙන ඇති සැකකරුවන් 22 දෙනා මෙම අපරාධවලට සම්බන්ධබවට සාධාරණ සැකයක් ජනිත වන්නේ ද යන්න තවදුරටත් විමර්ශන කරන ලෙසට උපදෙස් ලබා දී ඇත බවද පොලිස් මුලස්ථානය පවසයි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා ප්‍රගතිය නීතිපතිවරයා වෙත වාර්තා කරන ලෙසට ද පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙට මෙහෙට විමර්ශන , මේ හදන්නෙ කල් මරන්න, සම්බන්දදැයි විමර්ශන කරනවලු, අර දේපල විනාශ කලා කිියල අත්අඩංගුවට ගත්තෙ ඔව කරලද? නිකං යන්න බැරිනම් බැහැ කියන්න. ජනතාව ආයෙමත් නීතිය අතට ගනීවි.
කොන්දේ අමාරුවක් තිබෙනවානම් කෙලින්ම ප්‍රකාශ කරලා ඔබට පැවරී ඇති වැදගත් රැකියාව පොඩි ළමයෙකුට දීලා යන්න... සමහරවිට පූජිතට වුණා වගේ කාලයක් කූඩුවේ ඉන්නත් සිදුවෙන්න පුළුවන්. හැබෑට ඔබට ආත්ම ගරුත්වයක්, ලැජ්ජාවක් නැතිද...?
මේ සියලුම වැඩපිළිවෙල සංවිධානය කරලා අවශ්‍ය අයට කළයුතුදේ ගැන දුරකතනයෙන් උපදෙස් දුන්නාය කියන අය දැන් පවුල පිටින් ඕස්ට්‍රේලියාවට පැනලා ඉන්න කෙනා ගැන දන්නේ නැද්ද ?
නීති සංගමයෙන් ඉල්ලා සිටින්නේ මේ පුද්ගලයින් වෙනුවෙන් පෙනී නොසිටින ලෙසයි...
අතීත අත්දැකීම් එක්ක පවතින ආණ්ඩුවට විරුද්ධව පොලිසිය කටයුතු කරනොමැති බව අපි දනිමු.