IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නීතිපති සේවා දිගුව: අවසාන තීරණය අද

(සුජිත් හේවාජුලිගේ)

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට  සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිතය.

මේ පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස 2.00 ට රැස්වෙයි.

නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීමට  ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට පෙර අවස්ථා දෙකකදී රැස්වුවද අවසන් තීරණයක් ගැනීමට හැකිවී නොතිබිණ.

ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයාට ලබන දෙසැම්බර් මස 31 වැනිදා තෙක් සේවා දීර්ඝයක් ලබාදීම සඳහාය.

නීතිපති රාජරත්නම් මහතාගේ සේවා කාලය ලබන 26  වැනිදායින්  අවසන් වීමට නියමිතය.

මෙම නිර්දේශය සම්බන්ධයෙන් බොහෝ දුරට අද අවසාන තීරණයක් ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරණය ළඟ එන අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කිරීම  සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පසුගියදා සිය විරෝධය ප්‍රසිද්ධියේ පළ කළහ.



අදහස් (4)

නීතිපති සේවා දිගුව: අවසාන තීරණය අද

sam Tuesday, 18 June 2024 05:53 AM

ඔව්.සේවා දිගුවක් ලබා දුන්නහම උනේ යකාට ඕනිම කොරහක් බිඳගෙන යන්න පුළුවන්නේ .පුදුම බල තන්හා දේශ පාලුවෝ වලේ ඉඳගෙනත් පාර්ලිමේන්තුව ගැන හිත හිතම තමයි අපායට යන්නේ

:       1       8

Chandima Tuesday, 18 June 2024 06:39 AM

ඔන්න ඔහේ ඉන්න දෙන්න අප්පා.රනිල්ට එයා මොනවා හරි කරලා දිගටම ඉන්න වංගුවක් ගහලා දෙයි නේ ?

:       3       3

Perera Tuesday, 18 June 2024 07:46 AM

කවුරු උනත් කමක් නැහැ ආණ්ඩුව ගහන තාලෙට නටනවානම්

:       1       7

Bunny Preena Tuesday, 18 June 2024 09:05 AM

ප්‍රතිපත්ති ගරුක මහත්වරුන්ගේ ලොකු ආණ්ඩුවක් තියන නිසා ලංකා මාතාව සහ රටවැසියන්ට හැමදාම උරුම දූකම තමයි

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site