IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


නූතන රාවණා අවන්හලට ගහලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තලවතුගොඩ සුපිරි අවන්හලකට කඩාවැදී පුද්ගලයකුට පහරදී දේපළවලට බරපතළ අලාභ සිදු කිරීමේදී වීදුරුවලින් කැපීගිය අතෙහි ලේ පෙන්වා "බලාගනින් මම තමයි රාවණා" ,"උඹලගෙ ලොක්කාට කියපන් රාවණා ඇවිල්ලා ගියා කියලා" යැයි පවසමින් මුදල් සහ දුම්වැටි බලෙන් ලබාගෙන පලාගිය පුද්ගලයා හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

සැකකාර පුද්ගලයා කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ තීරෝද රථ රියදුරකු බව ද පවසයි.

සැකකරු විනාඩි දෙකක් පමණ කාලයක් තුළ අවන්හල තුළ රැඳී සිට මෙම අපරාධය සිදු කර තිබු බව පොලිස් නිලධාරියකු පැවැසීය

මෙම පහරදීමෙන් අවන්හලේ වීදුරු දොරවල් වලට සහ තවත් දේපල රැසකට බරපතළ අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි

අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ගොස් තිබූ සැකකරු හොර රහසේම ප්‍රතිකාර ලබාගෙන තිබූ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් මෙම සැකකරු මීට පෙර අවස්ථාවකද රත්නපුර සමන් දේවාලය තුළ දී නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අයකු බවත් අධිකරණය මගින් මානසික වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව සැකකරු නිදහස් කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

අවන්හලට පහර දීම සම්බන්ධ තවත් පුද්ගලයකු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිසිය කියයි

 



අදහස් (4)

නූතන රාවණා අවන්හලට ගහලා

Kule Sunday, 27 February 2022 03:32 PM

මළ විකාර..!

:       0       9

කිරි පුතා Sunday, 27 February 2022 04:23 PM

පළමු වරදට නිසි දඬුවමක් ලැබුණා නම් ඔහු එයින් යමක් ඉගෙනගෙන මෙවැනි අමන ක්‍රියාවලින් වැළකී සිටීමට ඉඩ තිබිණි. මෙවරද පාඩමක් ඉගෙනීමට තරම් දඬුවමක් දීමට අප රටේ තිබෙන නීතිය ක්‍රියාත්මක වන අයුරු ගැන කිසිඳු විශ්වාසයක් නැත...!

:       0       24

Amara Sunday, 27 February 2022 04:52 PM

රාවනා ජීවමානයි...

:       23       10

Bamunuarachchi Sunday, 27 February 2022 05:07 PM

ත්‍රීවිලර් කාරයෝ හැමතැනම චණ්ඩි අපි බේස් බෝල් බැට් එකක්, කඩුවක් කාරෙකේ ගෙනියන්නේ නැති නිසා. කැහැටු එවුන් ත්‍රීවීලර් එක අතට ගත්තු ගමන් චණ්ඩියෙක් වෙනවා. පොලිස් කාරයෝත් අමතර ආදායමක් සොයන්න ත්‍රීවීලර් එලවන නිසා ත්‍රීවීලර් කාරයින්ට සපෝට්...!

:       2       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site