IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නත්තලේ පඬුරුවලට උණ්ඩ පූජා කරලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නත්තල නිමිත්තෙන්  පැවති දිව්‍ය පූජාවල දී දේවස්ථාන අටකට බැතිමතුන් පූජා කරන ලද පඬුරු මාදම්පේ ශාන්ත සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානයේදී පරීක්ෂාකර බැලීමේදී කළු පැහැති කුඩා ප්‍රමාණයේ පෙට්ටියක  තිබූ ටී 56  උන්ඩ දෙකක් තිබී සොයා ගත් බව මාදම්පේ පොලිසිය පවසයි.

ජීව උණ්ඩ දෙකට අමතරව කාන්තාවන්ගේ අනවශ්‍ය රෝම ඉවත් කරන කුඩා ප්‍රමාණයේ අඬුවක් සහ රත්තරන් වල බර කිරීමට යොදා ගන්නා කුඩා ප්‍රමාණයේ මැනුම් උපකරණ හයක් ද තිබී පොලිස් භාරයට ගෙන ඇත.

මාදම්පේ සාන්ත සෙබස්තියන් මුනිතුමාගෙ දේවස්ථානයට අමතරව පොතුවිල මැදගම රත්නගිරිය කෝපියාවත්ත ඉරට්ටකුලම හරේන්ද්‍රගම සහ තරණ යන ප්‍රදේශවල පිහිටි දේවස්ථානවල  නත්තල් දේවමෙහෙයන් පවත්වා ඇත.

බැතිමතුන් විසින් මෙම දේවස්ථානවලට පූජා කරන ලද පඳුරු සියල්ල මාදම්පේ සාන්ත සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානය වෙත ගෙන ඇවිත් සාන්ත සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානයට පූජා කරන ලද පඬුරුද සමග එකතු කර ඒවා එකිනෙක සේවකයකු  පරීක්ෂාවට ලක්කර ඇතැයි මාදම්පේ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙසේ පරික්ෂා කරන අවස්ථාවේ සුදු පැහැති බෑගයක බහා තිබූ මෙම කුඩා ප්ලාස්ටික් පෙට්ටිය හමුවී එය විවෘත කරන බලන අවස්ථාවේ ටී 56 උණ්ඩ දෙකහමුවී ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (2)

නත්තලේ පඬුරුවලට උණ්ඩ පූජා කරලා

Saman Sunday, 25 December 2022 07:32 PM

මේ තරම් පිරිහිලාද අප්පා අපේ ජාතිය.

:       0       0

jayasekara Monday, 26 December 2022 11:02 AM

සහරාන්ගේ බෝම්බයෙන් පස්සේ වැරදිකරුවන් සියල්ල බේරුනා .ඒකට උන භාරය ඔප්පු කරන්න වෙන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site