(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ නීතීඥ කාර්යාලයක් පවත්වාගෙන යන නීතිඥවරියකට පහර දීමක් සම්බන්ධයෙන් පුද්ගලයකු අද දින අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
අදාල නීතිඥවරියගෙන් නඩුවක් සම්බන්ධයෙන් සේවාවක් ලබාගෙන එම සේවාව නිසිලෙස සිදු නොවූ බවට පවසමින් මුදල් යළි ඉල්ලා පැමිණිලිකාර නීතිඥවරියට පහර දී ඇතැයි ද පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පුද්ගලයෙකි. සැකකරු අද (08) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහරදීම ඉතාමත් වැරැදියි... ඒත් සේවය හරියට ලබාදීමට නොහැකි වුණා නම් මුදල් කොටසක් හෝ ආපසු දීම කළා නම් තමයි හොඳ... බාර ගත්තු කටයුත්ත කිරීමෙන් සේවා ලාභියාට සාධාරණයක් කරන්න බැරි බව පෙනුණා නම් වැඩේ බාර නොගන්න තිබුණා...