(ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට නීතිඥවරියක බව කියන කාන්තාවක අල්ලස් දීමට තැත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.
ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව සිදු කරගෙන යන පරීක්ෂණවලට අනුව ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ මාකිලංගමුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී එම නීතිඥවරියක බව කියන කාන්තාවක විසින් විරෝධතාවක් එල්ල කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
කෙසේ වෙතත් නීතිඥවරියක බව කියන කාන්තාවගේ උත්සාහය ව්‍යවර්ථ වීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් දීමට තැත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර ඊට අදාළ විමර්ශන සිදුකෙරෙන බවද මහජන ආරක්ෂක මාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි."* ප්‍රවෘත්තියක අවසානයක පද ගැලපීම, සහ අවසාන කිරීම පිළිබඳව තව සැලකිලිමත් වුණානම් හොඳයි. මේ ලිපියේ සෑම වාක්‍යයකම ඉහත පද ටිකෙන්ම අවසන් කිරීම හරිම නීරස සහ මාධ්‍ය භාවිතාවක බොළඳ තත්ත්වයක් පිළිඹිඹු කිරීමක්. වචනවල නිවැරදි අක්ෂර භාවිතය පිළිබඳවත් වෙබ් අඩවියේ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් උනන්දුවක් සහ දක්ෂතාවයක් දක්වනවානම් ඉතාමත් හොඳයි.
නීතිඥයින් ගැන කතා කරන්න එපා. උන් සල්ලි ලැබෙනවානම් මව උනත් පාවා දෙන ජාතියක්.
ඇයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර කර ඉන්නෙ, අත්අඩංගුවට අරන් නඩු දාන්න කොන්ද පණ නැද්ද ??? එක රටක්, නීති ගොඩක් !!!