(අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද)
උසාවි වැඩ නිමවා යතුරු පැදියකින් ගමන් ගත් නීතිඥවරයකුට පදවිය අලිවංගුව ප්‍රදේශයේ දී යතුරු පැදි හිස්වැසුම්වලින් සහ අතින් පයින් දරුණු ලෙස පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස, කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා පදවිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාර සිරි මහතාට නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කැබිතිගොල්ලෑව පදවිය කලාප භාර සහකාර පොලිස් අධිකාරී රුවන් නාරවිට මහතා මගින් අධිකරණයට හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.
මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ පදවිය අලිවංගුව ප්‍රදේශයේදී නීතිඥවරයකුට දරුණු ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිඥයාට පහර දුන්නන් අල්ලන්නැයි නියෝග
Nanayakkara Thursday, 15 June 2023 06:31 PM
ඔන්න ඕකයි මේ රටේ නීතියක් නැත්තේ. අපි මේ ජරා රජ දාලා යන්නෙත් ඔයා නිසා. දැන් ගමේ මනුස්සයෙකුට එහෙම ගැහුවා නම් එයාව අල්ලන්න ඔයා වගේම ඕඩර්ස් දෙනවා. ඔයවගේ බී රිපෝට් මැජිස්ට්‍රේට් කෝට් එකට දෙනවද ඔය ඉක්මනට..? ලෝයර්ට තියා ගමේ ඉන්න පීටර්ට ගැහුවත් ඔය නීතිය වෙන්න ඕනෑ. මේ රට බලු රටක් වෙලා තියෙන්නේ නීතිය හැමඑකටම පොදු නිසා ... ඒ වුණාට පොතේ තියෙන්නේ එකක්...