(නිමන්ති රණසිංහ )
ජාතික නීති සතිය නිමිත්තෙන් ජනතාවට නීති ආධාර නොමිලේ ලබාදීම ඇතුළු සමාජ සුබසාධන වැඩසටහන් මාලාවක් ලබන 25 වැනිදා සිට ඔක්තෝබර් මස 1 වැනිදා දක්වා දිවයින පුරා සංවිධාන කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත.
මහජනතාවගේ නීතිමය දැනුම වැඩි කිරීම, සිවිල් අපරාධ ගැටළුවලට නොමිලේ නීති උපදෙස් ලබාදීම, නීතිපති උපදෙස් කඩිනම් කිරීම හා බන්ධනාගාර රැඳවියන්ගේ දීර්ඝකාලීන ගැටලු නිරාකරණය කිරීම සඳහා නීති උපදෙස් ලබාදීම සහ රාජ්‍ය සේවයේ නිලධාරීන් හා පාසල් සිසුන් සඳහා නීති දැනුම ලබාදීම මෙම වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
මේ අතර නොමිලේ නීති ආධාර සේවාවක් කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී සහ තවත් මධ්‍යස්ථාන හයකදී ලබන 28 සහ 29 දෙදින පැවැත්වීමටද සංගමය කටයුතු යොදා ඇත.
මෙම වැඩසටහන් සඳහා 0113133864 සහ 0113133872 යන දුරකතන අංක ඔස්සේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ඉසුරු බාලපටබැඳි මහතා ඇමතීමෙන් ලියාපදිංචි විය හැකි බවද සංගමය දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එයාල ඉගෙන ගත්තෙත් නිදහස් අධ්‍යාපනයෙන් නෙ.හැම නීතීඤයෙක්ම ඒ වෙනුවෙන් නොමිලේ දිනකට යම් කාලයක් ජනතාවට සේවය කලයුතුයි.
ඉතින් නිදහස් අධ්‍යාපනේ තමයි නුඹලාටත් දුන්නේ. ඇයි නුඹලා ඉගෙනගෙන නීතිඥවරු නොවුනේ?