(ශාන්ත රත්නායක)

යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට විධායකය අත නොතබන ලෙසත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්දන නීති අහෝසි කරන ලෙසත් රජයට බලකරමින් නීතිඥ එකමුතුව හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද විරෝධතාවයක් අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (23) පැවැත්විය.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා පෙත්සමක් අත්සන් කිරීමක් ද මෙහිදි සිදු කෙරිණ.