නීතී විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 30 දෙනකු අද ( 07) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු මුහුදු තීරයේ නාවික සැතපුම් 80 ක් දුරින් යාත්‍රා කරමින් තිබු සැක කටයුතු ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කළ දකුණු මුහුදු තීරයේ මුර සංචාරයේ නියුතු නාවිකයින් පිරිසක් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාව නාවික හමුදා යාත්‍රා මඟින් මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව සඳහන් කරයි.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය අහිංසක මිනිසුන්ට යන්න දෙන්න තිබ්බේ මේ දේශයේ ඉදලා ගොඩ යාමක් නැති නිසා ඒ මිනිස්සු යන්න හදන්නේ
මේ අහිංසකයන්ට ජිවත් වෙන්න සුදුසු රටකට යන්න දෙන්න.. ලංකාවේ ඉදලා දැන් පුංචි කාර් එකක්වත් ගන්න බෑ නේද ?
හිනා කාලා පණ යන වැඩ තමයි සිද්ධ වෙන්නේ.. වෙන රටවල ඇතුලට එනකොට අල්ලනවා. අපේ රටෙන් පිටවෙනකොට අල්ලනවා. මේ තරම් සැප සම්පත් තියෙන රටක් දාල මොකට රට යනවද මන්දා....
මේක විශාල පරිමානයේ ජාවාරමක්. රටින් පනින්න උත්සාහ කරන අය අල්ලලා වැඩක් වෙන්නේ නැහැ. මේ අයගෙන් සල්ලි අරගෙන මේ ජාවාරම කරන මිනිස්සුයි අල්ලන්න ඕනෑ.
මේ මිනිස්සු පණ එපා කියල යන ගමනක් මේක. මොවුන්ගෙන් ලක්ෂ ගණන් අය කරලා කරන මහා මිනිස් ජාවාරමක් මේ පසුබිමේ තියෙන්නේ. එක අතකට ජීවිතෙත් මුළු සේසතමත් පරදුවට තියල එහෙම යන්නේ ඇයි? අපේ රට වනසන එවුනුත් එක්ක ඉඳල කවදාවත් හරියන්නේ නැහැ කියල හිතන නිසා නොවේද?
අනේ කරුණාකරලා මේ මිනිසුන්ට යන තැනකට යන්ට දෙන්න. ලංකාවේ ඉඳගෙන නිකම්ම උඩ බලාගෙන ඉන්නේ නැතිව, අඩු ගානේ මේ මිනිසුන් පිටරටකට ගිහිල්ල මහන්සිවෙලා වැඩ කරලා රටට විදේශ විනිමය වත් එවයි.
මැති, ඇමතිවරු හෝ ව්‍යාපාරිකයන්ට පුළුවන් තම මුදල් විදේශීය බැංකුවල නොදමා තිබෙන ව්‍යාපාර විනාශ නොකර අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න...