
(යොහාන් භාසුර)
නීති විරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 2,210 ක් අත්අඩංගුවට ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා අද (7) පවසීය.
මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස් බුද්ධි අංශයේ සහය ඇතිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ එක්ව කළ වැටලීමකදී මෙම තොගය අත්අඩංගුවට ගත් බව ද ඒ මහතා කීය.
මධ්‍යම පරිසර අධිකාරියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ලන්ච්ෂීට් නිෂ්පාදන කර්මාන්තශාලාව වැටලූ බවත් ජාතික පාරිසරික පනතේ විධිවිධාන අනුව මධ්‍යම පරිසර අධිකාරිය කර්මාන්තශාලා හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇති බවත් ඒ මහතා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd