( වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ කලපලාචේන ප්‍රදේශයේදී නීති විරෝධි රැස්වීමක් පවත්වමින් සිටි බව කියන සහරාන්ගේ මස්සිනා ඇතුළු 30 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සහරාන්ගේ සහෝදරිය විවාහ වි සිටින මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සමඟ රැදී සිටි පුද්ගලයින්ගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී ඇතැමුන් පවසා ඇත්තේ ඔවුන් කාඩ් සෙල්ලම් කරමින් සිටි බව යැයි පොලීසිය පැවසීය.
සහරාන් හසීම් යනු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඳ කොත්තු දෙක දැන් තිරගත වේ.
ඡන්දෙ ළඟයි...
එහෙමනම් ඡන්දය කල් දාන්න පුළුවන් වේවිද? එක්කෝ නියමිත වෙලාවට ඡන්දය පවත්වනවා වගේද? මෙදා පාරා කව්ද එන්නේ රට බේරා ගන්න තියන අවසන් අවස්වථා මේක කියලා කියාගෙන? කෙසේ හෝ මෙදා පාර ජනතාව හරියට උත්තර දේවි...
සුපුරුදු පරිදි ඡන්දේ කිට්ටුව රට බේරගන්න තවත් අවසන් අවස්ථාවක් එන්නයි යන්නේ.