IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නීති විරෝධී ධීවරයෝ 8 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට


(යොහාන් භාසුර)
නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙක් සමඟ ඩිංගි යාත්‍රා හතරක් සහ කිමිදුම් උපකරණ යාපනය වෙත්තලකේණි, මාමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේණි ආයතනය වෙත්තලකේණි මාමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකළ මෙම පුද්ගලයින් අට දෙනා සමඟ ඩිංගි යාත්‍රා හතරක් සහ කිමිදුම් උපකරණ භාරයට ගත් බව ද නාවික හමුදාව කීය.  
මෙම මෙහෙයුම්  මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 48 ත් අතර පසුවන තිහාරිය, වෙප්පකුලම්, නච්චිකුඩා, වෙට්ටකුලම්, නොරොච්චෝල, පල්ලෙකුඩා සහ උදයකාට්ටේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් යැය හඳුනාගන්නා ගත් බවත් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අට දෙනා, ඩිංගි යාත්‍රා හතර සහ  කිමිදුම් උපකරණ ඉදිරි නිතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයට භාරදුන් බව ද නාවිකත හමුදාව වැඩි දුරටත් කීය. 



අදහස් (0)

නීති විරෝධී ධීවරයෝ 8 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site