
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නීති විද්‍යාලය සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකෙරෙන හෙයින් මුදල් අය නොකර විද්‍යාලය තවදුරටත් පවත්වාගෙන යෑමේ ලොකු අර්බුදයක් පවතින බව එහි විදුහල්පතිවරයා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදය සමඟ වියදම් වැඩිවීම නිසා සිසුන්ගෙන් අමතර ගාස්තු අය කිරීමට සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
විදුහල්පතිවරයා මෙසේ පැවසුවේ සිසුන්ට බර පැටවෙන ආකාරයෙන් නීති විද්‍යාලයේ ගාස්තු ඉහළ නැංවීමේ පදනම කුමක් දැයි කමිටුව ප්‍රශ්න කළ අවස්ථාවේදීය.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 23 වැනිදා
රැස්විය.
නීති විද්‍යාලයේ සිසුන් මත බර නොපටවා වෘත්තියේ නියැලෙන නීතීඥවරුන්ගෙන් සාමාජික ගාස්තුවක් අයකර ගැනීමේ යෝජනාවක්ද මෙහිදී සලකා බලන ලදී. ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බව කාරක සභා සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා
ප්‍රකාශ කළේය.
මේ අතර නීති අධ්‍යයන සභාවේ ගැසට් පත්‍රය පිළිබඳවද එහිදී අවධානය යොමුවිය.
මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර නීතිවේදී උපාධිය ලබාගත් හෝ නීතිවේදී උපාධිය සඳහා ලියාපදිංචි වූ සිසුන්ට එමගින් විශාල අසාධාරණයක් සිදුවන බව කමිටුවේ අදහසවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති විදුහලේ සල්ලිවලට ඉගෙන ගත්තාම මොකද? ඕකට දුප්පත් අය යන්නේ නෑ. නීති පීඨයට සල්ලිවලට ගන්නේ නෑනේ...
වෘත්තියේ නියැලෙන අයගේ සාමාජිකත්වය මත විද්‍යාලයේ කටයුතු කරන්න ගතහොත් නරකම නැහැ කියලා හිතෙනවා එහෙම කියන්නෙ පේනවා නේද රජයේ විශ්ව විද්‍යාලවල තත්වය කොහොමද කියලා... ඒත් ඉතින් අන්තිමේ ඒක සාමාජිකයන්ගේ බූදලයක් වුණොත් කියන ප්‍රශ්නය තියෙනවා.. ඒ අතරම දොස්තරලාත් එහෙම එකක් කරන්න ගත්තොත් නම් වරදක් නැහැ..
පාසල් අධ්‍යාපනය නොමිලේ දුන්නාට දුප්පත් මිනිහගේ බදූ සල්ලි වලින් නීතිඥයෝ, දොස්තර ගොල්ලෝ, ඉංජිනේරුවෝ කොටින්ම වෘත්තිකයෝ බිහිකරන්න බැහැ. විශේෂයෙන් නීතිඥයෝ බිහි කරන්න බැහැ. ඒ නිසා මුදල් අයකළ යුතුයි.