IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නැති වූ යතුරු පැදියක් සමග කොස්තාපල් මාට්ටු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම නගරයෙන් අස්ථානගත වූ යතුරු පැදියක් භාවිතා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු බව පොලිසිය කියයි .

මීට මාස තුනකට පමණ පෙර මහරගම සුපිරි වෙළඳ සැලක් ඉදිරිපිට නවතා තිබු යතුරුපැදියක් අස්ථානගත වී තිබූ අතර ඒ පිළිබඳව මහරගම පොලීසියේ පැමිණිල්ලක් කර තිබුණි.

ඒ පිළිබඳව පොලිසිය විමර්ශනයක් සිදුකරමින් සිටියදී අස්ථාන ගත වූ යතුරු පැදිය කොහුවල ප්‍රදේශයේ දී පුද්ගලයකු පැද යනු පැමිණිලිකරු දැක ඒ පිළිබඳව මහරගම පොලීසියට කළ ජන දීමක් අනුව මහරගම පොලීසියේ නිලධාරීන් කොහුවල පොලීසියට ඒ බව දන්වා ක්ෂණිකව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදිය මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි .

 

 



අදහස් (0)

නැති වූ යතුරු පැදියක් සමග කොස්තාපල් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site