IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නීති පති සේවා දිගුව යළි ව්‍යවස්ථාදායක සභාවට

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව වෙත යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව ඉදිරියේදී සංජය රාජරත්නම් මහතාට මාස 6 ක කාලයක් සේවා දිගුවක් ලබාදීම වෙනුවෙන් වන නිර්දේශය ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත යළි යොමු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

එසේම ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් ක්‍රියාකාරීන් තිදෙනා එක ලිපියකින් අදාල තීරණයට විරෝධය පළ කිරීමේ තීන්දුව ගැන ඇති නීතිමය තත්ත්වය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කිරීමට නියමිත බවද ජනාධිපති කාර්යාල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය මගින් අගවිනිසුරු නීතිපති ඇතුළු තනතුරු වෙනුවෙන් පුද්ගල නාම ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කිරීම ජනාධිපතිවරයා විසින් කළ යුතු බවට වගන්තියක් සම්මත වුවද එය 20 වෙනි සංශෝධනයෙන් ඉවත් කරනු ලැබීය. නැවතත් 21 වෙනි සංශෝධනය යටතේ 19 වෙනි සංශෝධනයේ තිබූ වගන්තියම ඇතුළත් කර ඇත.

ව්‍යවස්ථාදායක සභාව ජනාධිපති නිර්දේශ කරන නමක් ප්‍රතික්ෂේප කළහොත් එම නම නැවත යොමු කළ හැකි බව ද දක්වා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.

Reply Forward Add reaction



අදහස් (10)

නීති පති සේවා දිගුව යළි ව්‍යවස්ථාදායක සභාවට

පිටරටවැසියා Saturday, 22 June 2024 08:43 AM

හුරේ, දෙවෙනි රීලෝඩ් අයදුම්පත මග එනෝ...

:       0       2

පිනා Saturday, 22 June 2024 08:52 AM

පිනාට හොඳටම කඩේ යනවා ඇති, ඒක තමයි මෙච්චර දික් කරගන්න දඟලන්නේ, නැතිව රට ගැන හිතලා කරන වැඩක් නෙමෙයි...

:       0       2

Achini Saturday, 22 June 2024 10:02 AM

බය වෙන්න එපා... ජනාධිපති වෙනකන් ආයේ හොරුන් ටික ආරක්ෂා කරනවා.

:       2       29

Deepal Nirosh Saturday, 22 June 2024 10:38 AM

ව්‍යවස්ථායක සභාවෙන් ප්‍රතික්ෂේප කළොත් ආයෙත් නිර්දේශ කරන්න සර්, ඔහොම ඔහොම හත අට වතාවක් රවුම යනකොට මාස හය නො දැනීම ගෙවිලා යාවි. පුතාට නොදුන් මොලය මාමා, බෑණාට නොව දීලා තියෙන්නේ...

:       1       32

sweneSaturday, 22 June 2024 09:29 PM

ඔහොම කිහිප වතාවක් හෝ දමන විට, එක දිනයක සම්මත කරගන්න පුළුවන් විධියට සාමාජිකයින් ගේ පැමිණීම සිදුවනවා. එදිනට සම්මත කර ගත හැකියි...

:       0       2

Perera Saturday, 22 June 2024 11:06 AM

හරියන විශ්වාසවන්ත රූකඩයක් හොයාගන්න බැරිවෙලා වගේ...

:       1       31

Rata Perata Saturday, 22 June 2024 01:23 PM

රනිල් කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා පේනවනේ... අපේ බදු සල්ලි නිකන් කා දමන කෙනෙක්. අර පොලිස්පති වගේ ප්‍රතික්ශේප නමම ආයෙත් එවනවා. එන ඕනෑම රජයකින් මෙන්න මෙයාට දඬුවම් කරන්න ඕනෑ ඉස්සර වෙලාම රට අරාජික කරනවාට...

:       2       28

Hafeel Saturday, 22 June 2024 04:12 PM

ගොනා හැරනකොට තේරනවා කොරට්ටුවට පනින්න තමා කියලා. මෙයාවම පත් කරගන්න මෙච්චර දඟලන්නේ ඡන්ද මංකොල්ලයට මිස වෙන දෙයක් නොවේ. දැනටමත් මේ නීතිපති මාර්ගයෙන් දේශපාලන හිතවතුන්ගේ බරපතල නඩු රාශියක් ඉවත් කරගන ඉන්නේ. තවද දැනටමත් අධිකරණයෙන් වැරැදිකරුවෙක්වූ පොලිස්පති කෙනෙක් පත් කරගෙන ඉන්නේ. මොන තරම් කුප්‍රකට පත්වීම් කළත්, කුමන්ත්‍රණය කළත් වැඩක් නැහැ.. ජනතාවගේ බලය ඉදිරියේ... ඒකට හොඳ උදාරණය තමයි 2022 මැයි 9 ගෝඨාභයව ජනතාව විසින් පන්නා දමපු එක. කවදා හෝ ඡන්ද බලයෙන් ජනතාව හොඳ උත්තරයක් දේවි.

:       0       15

Kazi Shajahan Saturday, 22 June 2024 04:48 PM

රනිල් මොකක්හරි ගේමකට තමයි සැරසෙන්නේ නීතිපතිත් එක්ක. ඒක තමයි මෙච්චර දඟලන්නේ , මෑන්වම තියාගන්න.

:       0       17

asank Saturday, 22 June 2024 09:17 PM

මේ ජනාධිපති මෙයාව නැවත ගෙන්න මෙච්චර දඟලන්නේ මේ නීතිපති එක්ක ලොකු ගේමක් ගහන්න තමයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site