IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නීති කොමිසමට සාමාජිකයින් පත් කරයි

(අංජුල මහික වීරරත්න)

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිසමේ සාමාජිකයින් වෙත පත්වීම් ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධනා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්  අධිකරණ අමාත්‍යාංශයේදී අද (25) සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස විනිසුරු ඊ. ඒ. ජී. ආර්. අමරසේකර මහතා පත් කර ඇති අතර, කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු එම්. ආර්. සී.ප්‍රනාන්දු, ජනාධිපති නීතීඥ, පී. අයි. එස්. දේමුණි ද සිල්වා, ජනාධිපති නීතීඥ, එෆ්. ජමීල්, ජනාධිපති නීතීඥ, නිල් ඩී. බී. උනම්බුවේ. ජනාධිපති නීතිඥ, ජී. එස්. ඒ. ශාන්ත ද සිල්වා, ආචාර්ය, සුනිල් ඩී. බී. අබේරත්න, ජනාධිපති නීතීඥ එච්. යූ. ප්‍රනාන්දු. පී. අයි. එස්. සමරසිංහ. ජනාධිපති නීතීඥ විරාන් කුරේ, ආර්. අමින් සහ මහාචාර්ය ඩබ්ලිව්. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය සහ   අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ උසස් නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1969 අංක 03 දරණ නීති කොමිෂන් සභා පනතේ 02 වන වගන්තියට අනුව 1969 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව ආරම්භ කරන ලද අතර ජනාධිපතිවරයා විසින් වසර පහක කාලයක් සඳහා ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පත් කරනු ලබයි.



අදහස් (1)

නීති කොමිසමට සාමාජිකයින් පත් කරයි

පිටරැටියා Monday, 25 August 2025 05:58 PM

නීතීය,යුක්තිය, සාධාරණය කාටත් පොදුයි. එවැනි නීතී ගරුක ශිෂ්ට සම්පන්න රටක් ඇතිකරලීමට සියලු සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා...

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site