
(අංජුල මහික වීරරත්න)
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිසමේ සාමාජිකයින් වෙත පත්වීම් ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධනා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී අද (25) සිදු කෙරිණි.
ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස විනිසුරු ඊ. ඒ. ජී. ආර්. අමරසේකර මහතා පත් කර ඇති අතර, කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු එම්. ආර්. සී.ප්‍රනාන්දු, ජනාධිපති නීතීඥ, පී. අයි. එස්. දේමුණි ද සිල්වා, ජනාධිපති නීතීඥ, එෆ්. ජමීල්, ජනාධිපති නීතීඥ, නිල් ඩී. බී. උනම්බුවේ. ජනාධිපති නීතිඥ, ජී. එස්. ඒ. ශාන්ත ද සිල්වා, ආචාර්ය, සුනිල් ඩී. බී. අබේරත්න, ජනාධිපති නීතීඥ එච්. යූ. ප්‍රනාන්දු. පී. අයි. එස්. සමරසිංහ. ජනාධිපති නීතීඥ විරාන් කුරේ, ආර්. අමින් සහ මහාචාර්ය ඩබ්ලිව්. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ උසස් නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
1969 අංක 03 දරණ නීති කොමිෂන් සභා පනතේ 02 වන වගන්තියට අනුව 1969 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව ආරම්භ කරන ලද අතර ජනාධිපතිවරයා විසින් වසර පහක කාලයක් සඳහා ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පත් කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතීය,යුක්තිය, සාධාරණය කාටත් පොදුයි. එවැනි නීතී ගරුක ශිෂ්ට සම්පන්න රටක් ඇතිකරලීමට සියලු සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා...