(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 428 දෙනකු ගතවූ පැය 24 තුළ  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මධ්‍යම පළාතෙන් බවත් එම පිරිස 228 දෙනකු බවත් හෙතෙම කීය

එම 228 දෙනා අතර 93 දෙනකු මහනුවර ප්‍රදේශයෙන් ද , 77 දෙනකු මාතලේ ප්‍රදේශයෙන් ද , 58 දෙනකු ගම්පොල ප්‍රදේශයෙන් ද අත්අඩංගුවට ගෙන ඇත.

මුහුණු ආවරණ පැළඳීම ,සමාජ දුරස්ථභාවය  පවත්වාගෙන නොයාම ආදී වැරදි මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි .