
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ රොමේෂ් මධුෂංක)
නඩු භාණ්ඩයක් වශයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ ගාල් කර තිබූ ටිපර් රථයක බඳ කොටසේ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 116 සොයා ගත් බව මන්නාරම මූලස්ථාන පොලිසිය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තලෙයිමන්නාරම ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකින් පසු අධිකරණයෙන් ලබාගත් අවසරයක් මත මෙම ටිපර් රථය පරීක්ෂාකර බලා මෙම කේරල ගංජා තොගය සොයා ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම ටිපර් රථය පසුගිය වසරේ නොවැම්බර් මස 11 වැනි දා වැනිදා 1 ගංජා 1 කිලෝ 24 ප්‍රවාහනය කරමින් තිබියදී පුද්ගලයන් දෙදෙනකු සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. ජේ. පී. ඒකනායක මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.
මන්නාරම මූලස්ථාන පොලීසියේ නිලධාරීන් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තලෙයිමන්නාරම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිවිරෝධී බඩුබාහිර මත්පැන්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පාලනය කරන්න නම් මෙවැනි වාහන රාජසන්තක කළ යුතුයි.