(මනෝප‍්‍රිය ගුණසේකර)
මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට තිස්ස අත්තනායක මහතා චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව කෙටි ක‍්‍රමයකින් අවසන් කර ගන්නා ආකාරය නීතීපතිවරයාට ලිඛිතව දැනුම් දෙන ලෙසත් නීතිපතිවරයා මාර්ගයෙන් එය ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන්ට දැනුම් දෙන ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (25) දැනුම් දුන්නේය.
නඩුව කෙටි ක‍්‍රමයකින් අවසන් කර ගැනීමට සුදානම් බව නඩුවේ විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ දැනුම්දීමක් සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකාර එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අධිකරණයේ පෙනී සිටියේය.
2014 දෙසැම්බර් මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම මඟින් දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනා තුන දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ සහ සිවිල් හා දේශපාලනඥයින් අතර ජාත්‍යයන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදු කර ඇති බවද නඩු ගොනුවේ සඳහන් වේ.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු විට තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය අමතමින් තම සේවාදායක එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි මෙම නඩුව නඩුව කෙටි ක‍්‍රමයකින් අවසන් කර ගැනීමට සුදානම් බව දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් නඩුව කෙටි ක‍්‍රමයකින් අවසන් කර ගැනීමට විත්තියෙන් ඉල්ලීමක් කළහොත් ඒ සම්බන්ධයෙන් සළකා බලන්නේ යැයි පැවසීය.
නඩුව සමථයට පත්කර ගන්නා ආකාරය පිළිබඳව නීතීපතිවරයාට ලිඛිතව දැනුම් දෙන ලෙස විත්ති පාර්ශවයට නියම කළ විනිසුරුවරයා නීතිපතිවරයා මාර්ගයෙන් එහි පිටපත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන්ට දැනුම් දෙන ලෙසත් නියම කළේය.
ඉන් පසුව මෙම නඩුව කෙටි ක‍්‍රමයකින් අවසන් කර ගන්නා ආකාරය ලබන අපේ‍්‍රල් මස 04 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස දෙපාර්ශවයටම දැනුම් දුන් විනිසුරුවරයා මෙම නඩුව ලබන අපේ‍්‍රල් මස 4 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතීඥ ලක්‍ෂමි ජයවික‍්‍රම මහත්මියත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතීඥ නිරෝෂන පෙරේරා මහතාත් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාදාන වෙලා ආපහු මහගෙදරට ගියහම ඒ කරපු වැඩේ නම්බුකාර දෙයක් වෙනවද? ඒ වගේම එහෙ ලේකම් මෙහාට ගත්තාට එකට එක කරපු එක අස්සේ වෙනත් දේ හුවමාරු උනේ නැද්ද? ලංකාවේ දේශපාලනය නම් හරිම අජූතයි.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට තිස්ස අත්තනායක ප්‍රසිද්ධියේ රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් මෛත‍්‍රීපාල සිරිසේන මෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන්ද සමාව ගතයුතුය. එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වික‍්‍රමසිංහ මහතා නිසාවෙනි. යම් හෙයකින් 2015 ජනවාරි 8 මහින්ද දින්නානම් තිස්ස කියන්නේ කුමක්ද මෙවැනි ලේකම වරු එක්සත් ජාතික පක්ෂයට වැඩක් නොමැත සිටිය කාලයේ පක්ෂය පරාද වුවා මිස දින්නේ නැත. උඩින් මිතුරු යටින් කතුරු කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්නට ඇත
වංචාවන් සිදුකරමින් ඒවා තමන්ට ඕන ආකාරයට පාලනයයත් කරනවා . පොඩි මිනිසාට තමයි ඉතින් නීතිය අකුරට වැඩකරන්නේ .
මෙවැනි අයව නැවත කිසිදිනක මහජන නියෝජිතයින් ලෙස පත් නොකර ගතයුතුවේ. තමන්ව ගොනාට අන්දන්න කැමති උදවිය පමණක් මෙවැනි අය හට තම වටිනා ඡන්දය දිය යුතු වේ.
කූඨ ලේඛන සකස්කිරීම, ජාතිවාදය පැතිරවීමට උත්සහ දැරීම වැනි කාරණා මෙලෙස සමථයකට පත්කළහැකි තරම් සුළුවැරදිද?