
(ඩී.ඒ.පතිරණ සහ ජයන්ත ජයවර්ධන)
මාතර, දික්වැල්ල මෝදර කන්ද පන්සල වත්තේදී පසුගිය අගෝස්තු 15 දින සිදු කළ ඝාතනයට යොදා ගෙන ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුභාණ්ඩයක් ලෙස තැන්පත් කර තිබූ ගිනි අවියක් බවට අණාවරණය වි ඇත.
වෙඩි තැබීමට යොදාගත් මෙම ගිනි අවිය දික්වැල්ල මූදුගමුව කැලයක සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්යා බළකායේ නිළධාරින් සොයා ගනු අතර එම ටී 56 ගිනි අවිය වැඩිදුර විමර්ශන සදහා දික්වැල්ල පොලීසියට භාර දී ඇත.
එම ගිනි අවිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී අනාවරණය වි ඇත්තේ හක්මණ පොලීසියට නිකුත් කර තිබූ ගිනි අවියක් බවත් 2009.06.18 දින පොලිස් වෙඩි තැබීමකින් හක්මණ පොලිස් වසමේ පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් නඩු අංක බීආර් 311/2009 නඩුවට අදාලව ටී 56 ගිනි අවි දෙකක් සහ රිවෝල්වරයක් අධිකරණය භාර යට ගෙන තිබූ අතර එම ගිනි අවි 2009.08.03 දින රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති අතර නැවැත 2016.03.03 දින ගිනි අවි තුන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර දී ඇත.
මාතර උයන්වත්ත දකුණ පදිංචිව සිටී 45 හැවිරිදි මූදුගමුව ආරච්චිගේ සංජීව නොහොත් මොරටු සංජීව නැමැති අයට වෙඩි තබා මරා දැමීමට යොදා ගෙන ඇත්තේ මෙම ගිනි අවිය බවයි.
එහි තැන්පත් කර තිබූ අනෙක් ටී 56 ගිනි අවිය සහ රිවෝල්වරය මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ඇති බවත් වෙඩි තැබීම සදහා යොදා ගත් ටී 56 ගිනි අවිය මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙන් අතුරුදහන් වීම පිළිබදව පුළුල් විමර්ශණයක් පොලිසිය මේ වන විට ආරම්භ කර ඇති බවට වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා එන්නේ අපේ පොලිසියේ මහත්තුරුන්ගේ කෙරුවාවල්
අධිකරණයේ නඩු භාණ්ඩ නැති වුනාම පොලිසිය පලිද