(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වැල්ලවාය අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගංජා කිලෝ ග්‍රෑම් 171යි ග්‍රෑම් 285 ක් සහ නඩු බඩු වශයෙන් තිබූ ගිනි අවියක් සොරාගෙන ගියේ යැයි කියන එම අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙක් වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස් ලන්ද, මා වෙළගම ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි අයෙකි.
මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි දෙලක්ෂයක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි.
නඩු භාණ්ඩ කාමරයේ තිබී සොරාගන්නා ලද විදේශීය නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවිය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබී ඇත්තේ ගෝනගං ආර පොලිසිය විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවයේ පියන්ලා කියන්නේ දේශපාලුවන් ලබාදෙන පත්වීම්ලාභියොනේ සුදුසුකම් අනුව විභාගයක් තියලා සමත්වෙලා පුහුණුවක් ලබා ආවා නම් ඔහොම වෙන්නේ නැහැ... කැලේ යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියලා වැඩක් නැහැ..!