
(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී ඇත.
මහාධිකරණ නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු මෙම හෙරොයින් තොගය රජයේ රස පරීක්‍ෂවරයාට ඉදිරිපත් කිරීමට බව පවසා රහස් පොලිසස් නිලධාරියකු වශයෙන් පෙනී සිටි පුද්ගලයකු විසින් රැගෙන ගොස් ඇති බව හෙළි වීම නිසා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියේ අධක්‍ෂවරයාට අද නියම කළේය.
රහස් පොලිසියෙන් යැයි පවසමින් අදළ හෙරොයින් තොගය රැගෙන ගිය බව කියන ‘තරිඳු යෝෂිත’ නමැත්තා කවුද? යන්න හෙළි කර ගැනීම සඳහා වහාම විමර්ශනයක් කිරීමටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිස් අධක්‍ෂවරයාට නියම කළේය.
කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන හෙරොයින් නඩුවක නඩු භාන්ඩ වශයෙන් ලකුණු කර ඇති මෙම හෙරොයින් කිලෝ 12 මහාධිකරණයට යැවීම සඳහා සොයන විට රහස් පොලිසියේ ‘තරිඳු යෝෂිත’ නමැති නිලධාරියා වශයෙන් පෙනී සිටි පුද්ගලයකු රජයේ රස පරීක්‍ෂවරයාට ඉදිරිපත් කිරීමට බව පවසමින් අදාළ හෙරොයින් තොගය ගෙන ගොස් ඇති බව හෙළි වීමෙන් අනතුරුව මේ පිළිබඳ විමර්ශන කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියේ අධක්‍ෂවරයාට වැඩිදුරටත් නියම කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාන්ඩ බාරකරු ඇතු`ථ නඩු භාන්ඩ කාමරයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ වින විට විමසීම් කර ඇතැයිද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නඩු කාමරයෙන් කෝටි 24 කුඩු පන්නලා
fairoos Thursday, 29 August 2024 11:55 AM
නිකන් ගොන් ආතල් දෙන්න එපා . ඔතන ඉන්න සෙට් එකම එකතුවෙලා වද දීලා ඇති අනිවාර්යයෙන්ම
jayantha Thursday, 29 August 2024 12:38 PM
තරිඳු යෝෂිත රාජපක්ෂ වෙන්න බැරිද ?
මංජුල Thursday, 29 August 2024 01:41 PM
නඩුවක් අවසානයේ නිවැරදිකරැ වුවද නැවත භාර දිය නොහැකි මෙවැනි දෑ ඉක්මනින්ම විනාශ කිරීමට නීති සම්පාදනය විය යුතුය
Prabha Thursday, 29 August 2024 01:46 PM
පැමිණි වාහනේ අංකය ,රාජකාරි හැඳුනුම්පත භාරගත් බවට සාක්ෂි නැතුව කුඩු කිලෝ 12 භාර දෙනවද