
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දී ඇති නඩු තීන්දු පුළුල්ව අධ්‍යයනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
කෙසේ වෙතත් එම නඩු තීන්දු මැතිවරණ කොමිෂන් සභාවට තවමත් ලැබී නොමැත.
එසේ හෙයින් එම නඩුවල පිටපත් ලබා ගැනීම සඳහා නිලධාරී කණ්ඩායම් අභියාචනාධිකරණයට යවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
එම නඩු තීන්දු අධ්‍යයනය කිරීමෙන් පසු කොමිෂන් සභාව ඉදිරියේදී රැස්වී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් යම් යම් තීරණ ගැනීමට නියමිත බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පසුගියදා නිකුත් කරනු ලැබීය
එලෙස අතුරු තහනම් නියෝග නිකුත් කෙරුණු සෙසු පළාත් පාලන ආයතන වන්නේ හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩ පළාත, කුලියාපිටිය යන ප්‍රාදේශීය සභාවන්ය.
පළාත් පාලන මැතිවරණය ලබන මැයි මස 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කළේය. කෙසේ වෙතත් මැතිවරණ පැවැත්වෙන දිනය කල්දැමීමට මෙතෙක් තීරණය කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2025 නොවැම්බර් මස 04
743
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නඩු කොපි ගන්න මැකො උසාවියට