(අංජුල මහික වීරරත්න)
‘ආසියානු යොවුන් නෙට්බොල් ශූරතාවලිය - 2025’ සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (20) හමු විය.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී මෙම හමුව පැවැත්විණි.
ජුනි 27 වැනිදා සිට ජූලි 4 වැනිදා තෙක් රටවල් 11ක සහභාගීත්වයෙන් දකුණු කොරියාවේදී 2025 ආසියානු යොවුන් නෙට්බොල් ශූරතාවලිය පැවැත්වේ.
අමාත්‍යවරයා, ඔවුන්ට ජයග්‍රහණය සඳහා දිරිගැන්වීම් සමග සුබ පැතුම් එක් කළ අතර, ඔවුන් සමඟ සුහද පිළිසදරක ද යෙදුණි.
මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ඒකනායක, දැල්පන්දු පුහුණුකාරිනි හයිසින්ත් විජේසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නෙට්බෝල් ශුරතාවට කොරියා යන කණ්ඩායම ඇමති හමු වෙයි
බකල ජයා Saturday, 21 June 2025 12:22 AM
පළවෙනි වතාවට හිතුනේ චීනෙ ටීම් එක කියලා. රතුපාට සංඥාව මොන පැත්තටද යන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත්වීමට අකැමැති අය ඩිස්ලයික් දමත්වා...!
ගුණරත්න Saturday, 21 June 2025 10:14 AM
චීන කණ්ඩායමේ අඩි 7.5ක් උස ගැහැණු ළමයෙක් ඉන්නවා... තාම වයස 17 යි...
Lalla Saturday, 21 June 2025 10:26 AM
ජය පතමු. ඒ වගේම තරගාවලිය අවසාන වූ පසුව ආපසු ලංකාවට එන්න අමතක කරන්න එපා.