(රංජිත් රාජපක්ෂ)            
            
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයට මාර ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (19) පස්වරු  3.00 සිට ඇන හිට ඇත.
 
එම මාර්ගයේ මවුස්සාකැලේ වත්ත ප්‍රදේශයෙන් ගස  ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.
 
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගස කපා ඉවත් කිරීමේ කටයුතු මවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ භට පිරිස්, නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට ආරම්භ කර ඇත.
 
මස්කෙළිය නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ අසළ ගස් විශාල ප්‍රමාණයක්  ඇති බැවින් පවතින තද සුළං තත්ත්වයත් සමඟ ගස් හෝ ගස් අතු ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.