IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නගරසභා කම්කරුවෝ ලක්ෂ 23ක ටයර් උස්සලා

(කේ. බුද්ධික කුමාරසිරි)

කඩුවෙල මහ නගර සභාවේ අතුරුගිරිය වල්ගම දිස්ත්‍රික් කාර්යාල ගබඩාවේ තිබූ රුපියල් ලක්ෂ 23 වටිනා ටයර් 34 ක් සොරකම් කල එම කාර්යාලයට අනුයුක්තව රාජකාරි කළ සේවකයන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

එම උප කාර්යාල ගබඩාවේ තිබූ ටයර් 34 ක ප්‍රමාණයක් නොවැම්බර් මස 27 ත් දෙසැම්බර් 03 දිනත් අතර කිසිවකු  සොරාගෙන ගොස් ඇති බවට වල්ගම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිළධාරී විසින් සිදුකළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන කිරීමෙන් පසු මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ එම දිස්ත්‍රික් කාර්යාලයේ සෞඛ්‍ය කම්කරුවන් තිදෙනෙකි. 

මේ අතුරින් වයස අවුරුදු 41 සැකකරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට හුරු වී ඇති බැවින් එම මත්ද්‍රව්‍ය පානය සදහා අනෙත් දෙදෙනාගේද සහය ඇතිව මෙම සොරකම් සිදු කර ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

 



අදහස් (1)

නගරසභා කම්කරුවෝ ලක්ෂ 23ක ටයර් උස්සලා

Kodikara Friday, 22 December 2023 08:26 AM

ඔය ආයතනවල කරන හොරකම් වල හැටියට ඕක මොකක්ද ඕවායේ ඉන්න ගබඩා භාරකරුවන් හා ඔවුන්ගේ සහායකයින් උපරිමයෙන් හොරකම් කරනවා උදාහරණයක් හැටියට කිව්වොත් වැලි හොරකම් කිරීම පෙන්වා දෙන්න පුළුවන් ඒවාට නිකම්ම නිකං බිල් විතරයි ඕන වෙන්නෙ ඒවා සේදිලා ගියා කිව්වම ඔක්කොම ඉවරයි එහෙම නැත්නම් අතෙන්ට ගෙනිච්චා මෙතෙන්ට ගෙනිච්චා කියනවා පළාත් පාලන ආයතන විසින් ඉදිකිරීම් වලින් මෙහෙම අනන්තවත් හොරකම් වෙනවා පරීක්ෂණයක් කරන්න ගියොත් ඒවාට බලධාරීන් සම්බන්ධ නැහැ කියන්න අමාරුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site