
(කේ. බුද්ධික කුමාරසිරි)
කඩුවෙල මහ නගර සභාවේ අතුරුගිරිය වල්ගම දිස්ත්‍රික් කාර්යාල ගබඩාවේ තිබූ රුපියල් ලක්ෂ 23 වටිනා ටයර් 34 ක් සොරකම් කල එම කාර්යාලයට අනුයුක්තව රාජකාරි කළ සේවකයන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
එම උප කාර්යාල ගබඩාවේ තිබූ ටයර් 34 ක ප්‍රමාණයක් නොවැම්බර් මස 27 ත් දෙසැම්බර් 03 දිනත් අතර කිසිවකු සොරාගෙන ගොස් ඇති බවට වල්ගම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිළධාරී විසින් සිදුකළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන කිරීමෙන් පසු මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ එම දිස්ත්‍රික් කාර්යාලයේ සෞඛ්‍ය කම්කරුවන් තිදෙනෙකි.
මේ අතුරින් වයස අවුරුදු 41 සැකකරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට හුරු වී ඇති බැවින් එම මත්ද්‍රව්‍ය පානය සදහා අනෙත් දෙදෙනාගේද සහය ඇතිව මෙම සොරකම් සිදු කර ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආයතනවල කරන හොරකම් වල හැටියට ඕක මොකක්ද ඕවායේ ඉන්න ගබඩා භාරකරුවන් හා ඔවුන්ගේ සහායකයින් උපරිමයෙන් හොරකම් කරනවා උදාහරණයක් හැටියට කිව්වොත් වැලි හොරකම් කිරීම පෙන්වා දෙන්න පුළුවන් ඒවාට නිකම්ම නිකං බිල් විතරයි ඕන වෙන්නෙ ඒවා සේදිලා ගියා කිව්වම ඔක්කොම ඉවරයි එහෙම නැත්නම් අතෙන්ට ගෙනිච්චා මෙතෙන්ට ගෙනිච්චා කියනවා පළාත් පාලන ආයතන විසින් ඉදිකිරීම් වලින් මෙහෙම අනන්තවත් හොරකම් වෙනවා පරීක්ෂණයක් කරන්න ගියොත් ඒවාට බලධාරීන් සම්බන්ධ නැහැ කියන්න අමාරුයි