IMG-LOGO

නගරෙන් ගමට ගොස් වී එකතු කරති

(වියලුව වාර්තාකරු)

වියළුව,මහියංගන,කන්දකැටිය,රිදීමාලියද්ද,මීගහකිවුල, ආදී වී ගොවිතැන බහුලව සිදු කෙරෙන ප්‍රදේශයන්හි වී මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ගොවීහු කියති.

මීට සති දෙකකට පමණ පෙර රුපියල් 100-120 ත් අතර අලෙවි වූ වී කිලෝවක මිල මේ වන විට රුපියල් 150 - 170 තෙක් ඉහළ ගොස් ඇතැයි ගොවීහු පවසති.

ඉදිරියේදී මතුව ඇතැයි පැවසෙන සහල් හිඟයට සූදානම් වීම පිණීස ගොවිතැනෙහි නොයෙදෙන බොහෝ පිරිසක් වී මිලදී ගෙන තොග රැස් කිරීමට පටන් ගැනීමත් සමගම මේ අයුරින් වී මිල ඉහළ ගොස් ඇතැයි ගොවීහු පවසති.

මෙම තත්ත්වය මත ඇතැම් ගොවි පිරිස් තම වී අස්වනු හැකි උපරිම මිලකට අලෙවි කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මේ අයුරින් වී මිල දිනෙන් දිනම ඉහළ යමින් පවතී.

මෙම තත්ත්වය මත බොරදියේ මාළු බෑමට ඉදිරිපත්ව සිටින ඇතැම් පිරිස් තම අස්වනු විශාල මිල ගණන් යටතේ ඔවුන්ට අලෙවි කිරීමටද පෙළඹී සිටිති .

එම තත්ත්වය මත මේ වන විට වෙළඳපොලේ ඇති සහල් කිලෝවක මිලට ආසන්න ලෙස වී කිලෝවක මිල ද නිර්මාණය වෙමින් පවතින බව ජනතාව පවසති.

 



අදහස් (2)

නගරෙන් ගමට ගොස් වී එකතු කරති

චන්දන Friday, 10 June 2022 07:28 AM

මේක ඇත්ත . 180ටත් ගිහිල්ලා තිබෙනවා . හාල් ස්ථිරවම 300 වෙනව. මේ විදියට . රජය මැදිහත් නොවුනොත් විශාල ඛේදවාචකයක් ඉදිරියෙදි වෙන්නේ .

:       0       8

පුරවැසියා... Friday, 10 June 2022 09:00 AM

අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුලු රජයේ ප්‍රධානීන් විසින් මන්ත්‍රයක් සේ සහල් හිගයක් සහ රට බංකොලොත්වී ඇති බව ප්‍රකාශ කිරීමට අනුව ජනතාව මෙවන් තත්ත්වයකට පත් ඇත. රජයක් සහ මැති ඇමතිවරුන් පත්කර ගනු ලබන්නේ ( රට පාලනය කළ පාලකයින් විසින් සිදු කරන ලද ) අහේනිය ප්‍රකාශ කරමින් සිටීමට නොව ඒ වෙනුවෙන් අවශ්‍ය පරිදි පියවර ගනිමින් ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම සදහා බව තේරුම් ගත යුතුය. ( පවතින තත්ත්වය මත සහල් මිල ගණන් හිතුමතේ ඉහළ නැංවීමක් සිදුවිය හැකි බැවින් කඩිනමින් සහල් ආනයනය කොට සාධාරන මිලට ජනතාවට සහන සැලසීමට රට කරවන්නන් ක්‍රියා කළ යුතුව ඇත. මන්ද දැනට පවතින සහල් මිල කිසිසේත්ම දරාගත නොහැකි තත්ත්වයකි. )

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site