IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නාගරික සංවර්ධනේ ගෙවල් ඩොලර්වලට අලෙවි කරයි

(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ පළමු නිවස ඩුබායි හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු අද මිලදී ගත් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියයි. 

 නාගරික සංවර්ධන අධිකාරියේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් මෙම නිවස මිල දී ගෙන තිබේ. ඒ සදහා ඩොලර් 40,000 ක මුදලක් ගෙවූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියයි. 

විදෙස්ගත ලාංකිකයන් හා ශ්‍රමිකයන් සදහා නාගරික සංවර්ධන අධිකාරිය  ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ඩොලර් ගෙවා මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා පියවර ගත්තේය. ඩොලර් ගෙවා මෙම නිවාස මිල දී ගන්නා අයට 10% ක වට්ටමක් ලබා දිමට ද තීරණය කෙරිණි. 

ඩුබායි හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයකු  අද මිල දී ගත් වියත්පුර නිවාස සංකීර්ණයේ නිදන කාමර 02 කින් යුතු නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ158කි. ඩොලර් මගින් මිල දි ගන්නා විට 10%ක වට්ටමක් ලබාදීමේ පදනම යටතේ ඔහු විසින් අදාළ නිවස මිල දී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 142 කටය. මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රමිකයන් රැසක් මෙම නිවාස මිල දි ගැනීම සදහා ඉල්ලුම් කර ඇතැයි අමාත්‍යාංශය පවසයි. මේ වසරේ දෙසැම්බර් මාසය වන විට ඩොලර් 275,000 ක ඉලක්කයක් සපුරා ගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ රටේ පවතින ඩොලර් අර්බුදයට  පිළියමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදි කෙරුණු මධ්‍යම ආදායම් නිවාස විදෙස්ගත ශ්‍රි ලාංකිකයන්ට හා ශ්‍රමිකයන්ට ඩොලර් මගින් මිල දී ගැනිමට පහසුකම් සැලසු බවයි. 

 



අදහස් (1)

නාගරික සංවර්ධනේ ගෙවල් ඩොලර්වලට අලෙවි කරයි

විජිත් Tuesday, 27 September 2022 07:46 PM

ඔය සල්ලිවලින් 5% ක් බඩතඩි, ගඳගහන, කොර ගහන, උසාවියෙන් ඇඟබැඳ සිටින, ගම්පහ වෙළෙඳුන්ගෙන් කප්පන් ගන්නා අයට යනවලු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site