(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරියේ නව සංවර්ධන සැලසුම් හා රෙගුලාසි පිළිබදව පළාත් පාලන ආයතන වල නිලධාරීන් දැනුවත් කිරීම ඇරැඹූ බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි.
දිවයිනේ පළාත් පාලන ආයතන 341 ම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.
නාගරික සංවර්ධන අධිකාරියේ සංවර්ධන සැලසුම් හා රෙගුලාසිවලට අදාල මූලික සැලසුම් නිරාකරණය,ඉඩම් සංවර්ධනය කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම හා වෙනස් කිරීම, අනුකූලතා සහතික ලබා දීම සහ වෙනත් රෙගුලාසි පිළිබදව මෙහිදී නිලධාරීන් දැනුවත් කරන බව අමාත්‍යාංශය කියයි .
ලංකාවේ සමස්ත පළාත් පාලන ආයතන ගණන 341 කි. මහනගර සභා 29 ක්, නගර සභා 36 ක්, ප්‍රාදේශීය සභා 276 ක් ඊට අයත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි නම් නාගරික සන්වර්දන අධිකාරියෙ කර්යභාරය නගර තුලට සිමා වෙන්න ඔනෙ , මෙක ප්‍රාදේශීය සභා වලටත් වියප්ත කිරිම නිසා ගමක යම්කිසි දෙයක් කරන්න ගියත් මෙකෙ අවසර ගන්න ඔනෙ , මෙ රටෙ මනුස්සයෙකුට ව්‍යපාරයක් අරම්භ කරන්න , ගෙයක් හදන්න ගියහම අයතන 3-4 පමන අවසර ගන්න ඔනෙ මෙව එක තැනකින් කරගන්න පහසුකම් සලසන්න බැරිද? මෙ රටෙ මිනිස්සු ආයෝනය නොකරන ප්‍රදන හෙතුවක් මෙක , මෙ රට විනශ වෙලා තිබෙන්නෙ දේශපලුවො චන්ටදෙට වැඩ කරන මිනිස්සුන්න්ට රජයෙ රැකිය දෙන්න එක එක නම් වලින් රජයෙ අයතන බිහි කරල , එව ඇතුලෙ ඔවුන්ට කරන්න වැඩක් නැති නිසා කිසිම තේමක් නැති නිති සහ අනපනත් ගෙනත් , රටෙ මනුස්සයෙකුට කිසිම වැඩක් කරගන්න බැහැ අල්ලස් නොදී , මෙක තමයි ලංකාවට ගහපු හෙනය.
කොයියම්ම පුහුණු කිරීම් කළත් නිලධාරීන් නීත්‍යානුකූලවම වැඩ කරනවිට දේශපාලු හෙංචයියලා? දේශපාලුවන්...?