(ඩයනා උදයංගනී)
නාගරික ඉඩම් වගා කිරීමේ රජයේ වැඩපිලිවෙල යටතේ වගා කළ හැකි ඉඩම් ලෙස නාගරික සවංර්ධන අධිකාරියට අයත් ඉඩම් අක්කර 782 ක් හඳුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙම ඉඩම්වල වගා කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි ඇමතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.
දිවයින පුරා සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම ඉඩම් පිහිටා ඇති බවත්, ඒවා ඉඩම් අක්කර 01 සිට 400 දක්වා ප්‍රමාණයන්ගෙන් සමන්විත බවත් ඇමතිවරයා සඳහන් කළේය.
එම ඉඩම්වල ඒ ඒ ප්‍රදේශවලට ආවේණික බෝග වර්ග හඳුනාගෙන වගා කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා කීවේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉදිරි කටයුතු පිළිබඳව එහි ශ්‍රවනාගාරයේ දී පැවති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩම් හොරකම් කරලා උසාවියෙන් දඩ කාපු කෙනෙක් තමයි අපේ රටේ ඉන්නේ... ඉතින් කොහොමද විදේශ ආධාර ගන්නේ...?