IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නගර සභා කම්කරුවාගේ කණ පැලූ හිටපු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

(ෂේන් සෙනෙවිරත්න )

මහනුවර මහ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකුට පහර දුන් බව කියන එම නගර සභාවේ ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරයකු මහනුවර මුල ස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

එම පහරදීමෙන් නගර සභා කම්කරුවාගේ කන ප්‍රදේශයට බරපතල තුවාල සිදුවී ඇති බවත් එම තුවාල හේතුවෙන් ඔහුගේ කන ප්‍රදේශයට මැහුම් තුනක් යොදා තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

නිසිලෙස වෙන්න නොකොට අවිධිමත් ලෙස පිරවූ කුණු මල්ලක් මහනුවර නගර සීමාවේ විලියම් ගොපල්ලව මාවතට වාහනයකින් පැමිණ බැහැර කළ අවස්ථාවේදී එම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කම්කරුවා ඊට විරෝධය දක්වා තිබේ.

නිසි ලෙස කුණු වෙන්කොට රැගෙන එන ලෙස පවසමින් එම කුණු මල්ල නැවතත් හිටපු මන්ත්‍රීවරයාගේ  රථයට දමා ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ඔහු පැමිණි මෝටර් රථයේ අංක තහඩුව ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා පහරදී ඇති බව පොලිසිය කියයි .

මෙම පහරදීමට විරෝධය දක්වමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සුදහම්පොළ උප කාර්යාලයට අනුයුක්තව සේවය කරන කම්කරුවන් අද (02) සේවා කටයුතුවලින් ඉවත්ව සිටීමටද පියවර ගත්තේය.‍



අදහස් (3)

නගර සභා කම්කරුවාගේ කණ පැලූ හිටපු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

Hafeel Tuesday, 02 April 2024 01:03 PM

කාල කන්නියක්. ඔවුන්ගෙන් රට හදන්න එක බලාපොරුත්තු වෙන්න පුළුවන්ද? ඔවුන්ම නීතිය සම්පාදනය කරලා, ඔවුන්ම නීතිය කඩනවා.

:       0       30

ravin Tuesday, 02 April 2024 01:43 PM

දේශපාලුවෙක් නේද ?ප්‍රසිද්ධියේම අසූචි බාල්දියකින්ම ස්නානය කිරීමට සැලැස්වූවානම් කාටද ආඩම්බර ?

:       0       19

andare Tuesday, 02 April 2024 02:14 PM

පාර්ලිමේන්තුවේ ඉන්න සමහරුත් ත්‍රාඩයෝ තමයි නමුත් ඔය ප්‍රාදේශීය සභා , නගර සභා වැල්ල ඉන්න මන්ත්‍රී වරුන් යයි කියාගන්න උන්ගෙන් ඇති බහුතරයක් අධික හීනමානයෙන් පෙලෙන ත්‍රාඩයෝ තමයි . මේවගේ උන්ට මහජනතාව වටවෙලා ගහල ගස් බදින්න ඕන . ගරුත්වයක් ඇතිව හැසිරෙන්න දන්නේ නැතිනම් උන්ට මේවගේ දඬුවම් තමයි දෙන්න ඕන

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site