(ඩයනා උදයංගනී)

නැගෙනහිර පළාතේ අද (22) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා මධ්‍යම, දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්‍ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.